Wednesday, April 24, 2024

යතුරුපැදියක් බසය පෙරළයි ! (VIDEO)

Must read

ibbagamuwa_bus_acc_1කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අද (01 දා ) උදෑසන ඉබ්බාගමුව ප‍්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාම හේතුවෙන් එහි ගමන් කරමින් සිටි මගීහු විසිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.

අද උදෑසන 8.30 ට පමණ මෙලෙස අනතුරට ලක්වූයේ අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අර්ධ සුඛෝපභෝගී බස් රථයකි.

ප‍්‍රධාන මාර්ගය හරහා දැමූ යතුරු පැදියක් සහ මෝටර් රථයක් බස් රථයේ ගැටීම වළක්වාගැනීමට බස් රියදුරු විසින් උත්සාහ කිරීමේදී බසය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගිය බව අනතුරින් දිවි ගලවාගත් මගීහු පැවසූහ. අනතුර සිදුවන විට බස් රථයේ ගමන් කරමින් සිට ඇත්තේ ඇත්තේ මගීන් විසි දෙනෙකු පමණක්වීම හේතුවෙන් අනතුරේ හානිය අවම වී තිබූ අතර තුවාල ලබා සිටි මගීහු ගොකරැල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමට ප‍්‍රදේශවාසීහු කටයුතු කළහ. තැලීම් සහ සීරිම් තුවාල ලබා සිටි මගීහු වැඩිදෙනෙකු මූලික ප‍්‍රතිකාර ලබාගැනීමෙන් පසුව රෝහලෙන් පිටව ගොස් ඇති බවත්, රෝගීන් පස්දෙනෙකු පමණක් වැඩිදුර ප‍්‍රතිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවත් ගොකරැල්ල පොලිසිය කියයි.

අනතුරට පත් බස් රථය දොඹකරයක් යොදවා එම ස්ථානයෙන් ඉවත්කිරීමට පොලිස් නිලධාරින් අද උදෑසන කටයුතු කළ අතර මේ හේතුවෙන් කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද පැය භාගයක පමණ කාලයක් බාධා සිදුවිය. අනතුරට පත් බස් රථය සහ එහි රියදුරු පොලිස් භාරයට ගෙන ඇති අතර ගොකරැල්ල පොලිසිය අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

අනතුරට පත් බස් රථය දොඹකර ආධාරයෙන් එම ස්ථානයෙන් ඉවත්කෙරුණු අයුරු සහ අනතුරින් දිවි ගලවාගත් මගියෙකු අනතුර සිදු වූ ආකාරය පිළිබදව වයඹ ටුඩේ වෙත විස්තර කළ අයුරු පහත වීඩියෝවෙන් දැක්වෙයි.

ibbagamuwa_bus_acc_2 ibbagamuwa_bus_acc_7 ibbagamuwa_bus_acc_3 ibbagamuwa_bus_acc_4 ibbagamuwa_bus_acc_6 ibbagamuwa_bus_acc_5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article