Friday, April 19, 2024

වයඹ විරුවන් 4000 කගේ නම් ගම් එක්ක, කුරුණෑගල අලුතින් හැදෙන රණවිරු සැමරුම මෙන්න.

Must read

army_memorial_14කුරුණෑගල – දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේදී ඉවත්කෙරුණු කුරුණෑගල රණවිරු ස්මාරකය වෙනුවට නව ස්මාරකයක් ඉදිකිරීම සදහා ඊයේ (30 දා) මුල්ගල් තැබිණි.

වයඹ පළාත් සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය, රණවිරු සේවා අධිකාරිය සහ කුරුණෑගල මහනගර සභාවේ මෙහෙයවීමෙන් පෙර ස්මාරකය පැවැති භූමියෙහිම ඉදිකෙරෙන මෙම ස්මාරකයේ සියලු ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය විසිනි. මේ සදහා රුපියල් මිලියන 27 ක මුදලක් වැය කිරීමට නියමිතය. මෙම ස්මාරකය මත යුද්ධයේදී දිවි පිදූ වයඹ පළාතේ රණවිරුවන් හාරදහසකට අධික ප‍්‍රමාණයකගේ නම් සටහන් කිරීමට නියමිත අතර ස්මාරකයේ වැඩකටයුතු ලබන මැයි මාසයට පෙර අවසන් කිරීමට නියමිතය.

කුරුණෑගල – දඹුල්ල මාර්ගය පුඵල් කර සංවර්ධනය කිරීම හේතුවෙන් කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණය ඉදිරිපිට පිහිටි පැරුණි රණවිරු ස්මාරකය එම ස්ථානයෙන් ගලවා ඉවත් කිරීමට සිදුවූ අතර ඊට විරෝධය පළකරමින් එම ස්ථානයේදී උද්ඝෝෂණ කිහිපයක් පවා පැවැත්විණි. පසුගිය අගෝස්තු මස 31 වැනිදා හිරියාල , මීගහඇළ විද්‍යාලීයිය ක‍්‍රීඩාංගණයේදී පැවැති මතින් නිදහස් රටක් ප‍්‍රාදේශීය සමුඵවට සහභාගිවීම සදහා එම දිනවලදී කුරුණෑගලට පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මාර්ග ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ වහාම වඩාත් නිර්මාණශීලි රණවිරු ස්මාරකයක් එම ස්ථානයේදීම ඉදිකරන බවට ප්‍රසිද්ධියේ පොරොන්දුවක්ද ලබා දුන්නේය.

නව රණවිරු ස්මාරකයට මුල්ගල් තැබීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා , මෙම ස්මාරකය ඉවත්කිරීම පිළිබදව විවිධ පිරිස් විසින් අසත්‍ය ප්‍රචාර ගෙනයමින් දේශපාලන වාසි ලබාගන්නට උත්සාහ කළ නමුත් අද වන විට ඒ සියල්ල බොරු බවට පත් වී ඇතැයි පැවසීය. රණවිරුවන්ගේ අභිමානය සුරැකෙන පරිදි පෙර පැවැති ස්මාරකයට වඩා ආකර්ශණීය සහ වයඹ පළාතේ දිවිදුන් සියලු රණවිරුවන්ගේ තොරතුරු ඇතුළත් වන පිරිපුන් ස්මාරකයක් තවත් මාස කිහිපයකට පසුව කුරුණෑගලදී දැකගත හැකිවනු ඇති බවද හෙතෙම පැවසීය.

මුල්ගල් තැබීමේ උත්සවය සදහා වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්ම මහත්මීන්, ත‍්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ උසස් නිලධාරින් පිරිසක් සහ රාජ්‍ය නිලධාරිහු පිරිසක්ද එක් වී සිටියහ.

ඉදිකිරිමට නියමිත  රණවිරු ස්මාරකයේ ආකෘතියarmy_memorial_3 army_memorial_2 army_memorial_1 army_memorial_4
නව රණවිරු ස්මාරකය සදහා මුල්ගල් තැබුණු අයුරු.army_memorial_5 army_memorial_7 army_memorial_6 army_memorial_8 army_memorial_9 army_memorial_10 army_memorial_11 army_memorial_12 army_memorial_13

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article