Wednesday, April 24, 2024

සීස් කරපු ඩිෆෙන්ඩරයෙන් ගිනි අවි මතුවෙයි !

Must read

defender_gunsවාරික නොගෙවීම හේතුවෙන් මූල්‍ය සමාගමක අත්පත්කරගන්නන් (සීසර්) කණ්ඩායමක් විසින් ඔවුන්ගේ භාරයට ගත් විශ‍්‍රාමික යුද හමුදා මේජර්වරයෙකුගේ පුත‍්‍රයෙකුට අයත් බව කියන ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක සගවා තිබූ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් ඇතුලු ගිනි අවි දෙකක් සමග එම රථයේ හිමිකරු බව කියන විශ‍්‍රාමික මේජර්වරයාගේ පුත‍්‍රයාද කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් පෙරේදා (03 දා )අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ කුරුණෑගල, වෙලන්ගොල්ල වත්තේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයාගේ මව්පියන් විසින් කල්බදු ක‍්‍රමයට ලබාගැනීමෙන් පසු තරුණයාගේ පාවිච්චියට ලබාදී තිබූ මෙම ඩිෆෙන්ඩර් රථයෙහි වාරික කිහිපයක් නොගෙවීම හේතුවෙන් අදාල මූල්‍ය සමාගමේ අත්පත්කරගන්නන් කණ්ඩායමක් පෙරේදා දහවල් කුරුණෑගලට පැමිණ සුන්දරාපොල ප‍්‍රදේශයේදී එම ජීප් රථය ඔවුන්ගේ භාරයට ගෙන තිබේ. එම අවස්ථාවේදී සැකකාර තරුණයා ජීප් රථය තුළ ගිනි අවි දෙකක් ඇති බව පවසා, ඒවා ඉවත්කර ගැනීමට සූදානම්වීම හේතුවෙන් අත්පත්කරගන්නන් කණ්ඩායම ඒ බව කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක මංගල වික‍්‍රමනායක මහතා වෙත දැනුම් දී තිබේ. ඒ අනුව අදාල ජීප් රථය තිබූ ස්ථානය වෙත පැමිණි පොලිස් කණ්ඩායමක් විසින් එම ජීප් රථයේ පැති ලාච්චුවක සගවා තිබූ මිලිමිටර් නවය වර්ගයේ ස්වයංක‍්‍රීය පිස්තෝලයක්, ජීව උණ්ඩ දෙකක් සහිත පතරොම් ගැබක් සහ විදේශීය රටක නිෂ්පාදිත වායු රිවෝල්වරයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයාගේ මව ද දන්ත වෛද්‍යවරියක ලෙස සේවය කරමින් සිටින අතර කුරුණෑගල ප‍්‍රසිද්ධ විද්‍යාලයකින් අධ්‍යාපනය හදාරා ඇති මෙම තරුණයා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවූවෙකු බව පොලිසිය කියයි. පිස්තෝලය සහ තමා අතර කිසිදු සම්බන්ධයක් නැතැයි විශ‍්‍රාමික මේජර්වරයා විසින් පොලිසියට ප‍්‍රකාශයක් ලබාදී ඇති අතර අදාල පිස්තෝලය තරුණයා අතට පත්වූයේ කෙසේදැයි අනාවරණය කරගැනීම සදහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා ඇතුලු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

දිනමිණ / ඩේලි නිව්ස් ඇසුරෙනි. 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article