Friday, March 29, 2024

පොලිසියට නීතිය උගන්වන්න ගිහින් හිරේ ලගින්නත් වෙයි.

Must read

police_caseපොලිස් නිධාරියෙකු විසින් පැදවූ යතුරුපැදියකට මග හරස්කර, එහි යතුර ගලවාගෙන රාජකාරියට බාධාකළේයැයි චෝදනා කරමින් කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි තරුණයෙකු ලබන 08 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා අද (05 දා) නියම කළේය.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගතකෙරුණේ කුලියාපිටිය නගරයේ වෙළද ආයතනයක සේවය කරන වයස අවුරුදු 21 ක තරුණයෙකි.

විත්තිකාර තරුණයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥයින් ප්‍රකාශ කළේ තම සේවාදායකයා කිසිවිටෙකත් පොලිස් රාජකාරියට බාධා කර නොමැති බවත්, අදාල පොලිස් නිලධාරියා මාර්ග නීති උල්ලංඝණය වන අයුරින් ඔහුගේ යතුරුපැදිය පදවමින් සිටිනු දුටු විත්තිකරු ඒ පිළිබදව දැනුම්දීමට පොලිස් නිලධාරියාගේ යතුරුපැදිය නවතා ඇති බවය. තම සේවාදායකයා විසින් පැදවූ යතුරුපැදිය මාර්ගයේ තනි ඉර කපාහැරෙන අයුරින් ඉස්සර කර ඇති මෙම නිලධාරියා, පදවමින් සිටින්නේ අංක තහඩු නොමැති යතුරුපැදියක් පදවනු දැකීම හේතුවෙන් කුලියාපිටිය ප‍්‍රදේශයේදී එම නිලධාරියා නවතාගෙන ‘‘සර් එක්ක ටිකක් කථාකරන්න ඕනැ “ යැයි පවසමින් විත්තිකරු විසින් පොලිස් නිලධාරියාට ඔහු කළ වරද පැහැදිලි කරදීමට උත්සහ කර ඇති බවත් ඔවුහු කීහ. එහිදී ඇතිවූ තත්වය මත විත්තිකරු පොලිස් නිලධාරියාගේ යතුරුපැදියේ යතුර ගලවාගෙන පොලිස් ස්ථානයට ගෙනැවිත් භාර දී ඇති බවත් වැඩිදුරටත් කීහ. වෙනත් තරුණයෙක් නම් පොලිස් නිලධාරින් විසින් සිදුකරන මෙවැනි වැරදි ඡායාරූප ගතකර අන්තර්ජාලයට මුදාහරින නමුත් තම සේවාදායකයා පොලිස් නිලධාරියා දැනුම්වත් කිරීමට උත්සාහ කර ඇත්තේ යහපත් අරමුණකින් වන බැවින් ඔහුට ඇප නියම කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

අධිකරණය හමුවේ කරුණු දැක් වූ පොලිසිය කියාසිටියේ අදාළ පොලිස් නිලධාරියා රාජකාරි කටයුත්තක් සදහා දුම්මලසූරිය සිට හෙට්ටිපොල පොලිස් බල ප‍්‍රදේශයට යමින් සිටියදී විත්තිකාර තරුණයා ඊට බාධා කර ඇති බවත්, මෙය පූර්වාදර්ශයක් කරගතහොත් සමාජයේ සෙසු පිරිස්ද නීතිය අතටගෙන කටයුතු කිරීමට පෙළඹෙනු ඇති බැවින් විත්තිකරුට ඇප ලබාදීමට විරුද්ධ බව පැවසීය.

පොලිසියේ විරෝධතාවය සැලකිල්ලටගත් මහේස්ත‍්‍රාත්වරයා සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ලබන 08 වැනිදා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.කුලියාපිටිය පොලිසිය වෙනුවෙන් උප පොලිස් පරීක්‍ෂක රන්බණ්ඩා සහ සැරයන් ජිනදාස යන නිලධාරිහු පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිකාර තරුණයා වෙනුවෙන් නීතිඥ අනුරසිරි දිසානායක සම නීතිඥ දයානි එදිරිසිංහ යන මහත්ම මහත්මීන් පෙනීසිටියහ.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article