Friday, March 29, 2024

ගුරු සමතුන්ගේ විරෝධයකින් වයඹ පළාත් සභා දොරටුව අදත් උණුසුම් !

Must read

graduates-_protest_dec_5ගුරු පත්වීම් සදහා බදවාගැනීමේදී වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂමෙන් අසාධාරණයක් සිදු වී ඇති බව පවසමින් වයඹ පළාතේ උපාධිධාරී ගුරු විභාග සමතුන් පිරිසක් මේ වන විට පළාත් සභා සංකීර්ණයෙහි ප‍්‍රධාන පිවිසුම් දොරටුව අවහිර කරමින් විරෝධතාවයක යෙදී සිටිති.

වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය සමග පැවැති සාකච්ඡාවක් අසාර්ථකවීම හේතුවෙන් පළාත් සභා සංකීර්ණයේ පිවිසුම් දොරටුව ඉදිරිපිටට පැමිණි මෙම පිරිස ඒ ඉදිරිපිට වාඩි වී අද පස්වරු දෙකට පමණ මෙම විරෝධතාවය ආරම්භ කළහ.

ගුරු විභාග සමතුන්ගේ විරෝධය හේතුවෙන් වයඹ පළාත් සභා සංකීර්ණ පරිශ‍්‍රය තුළට වාහන පිවිසීම සහ ඉන් පිටවීම සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර මේ නිසා පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් සහ නිලධාරිහු පිරිසක් පළාත් සභාව පරිශ්‍රෙයන් පිටවීමට නොහැකිව සිටින බවද වාර්තා වෙයි.

සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු, පොලිස් පරීක්ෂකවරුන් කිහිපදෙනෙකු සහ කැරළි මර්දන භටයින් ඇතුලු පිරිසකගෙන් යුත් පොලිස් බළඇණියක්ද මේ වන විට වයඹ පළාත් සභාව ඉදිරිපිට රැදී සිටිති.

update – 8.30 pm 

පළාත් සභාව ඉදිරිපිට රැදී සිටි පොලිස් නිලධාරින් කණ්ඩායම මේ වනවිට එම ස්ථානයෙන් ඉවත් වී ගොස් ඇති අතර පළාත් සභා දොරටුව ඉදිරිපිට වාඩි වී සිටින ගුරු සමතුන් තවදුරටත් විරෝධතාවයේ යෙදෙන බව වයඹ උපාධිධාරී ගුරු සමතුන්ගේ සංගමයේ කැදවුම්කරු නිශාන්ත රුවන් මහතා කියයි.

graduates-_protest_dec_5_1 graduates-_protest_dec_5_2 graduates-_protest_dec_5_3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article