Thursday, March 28, 2024

වයඹ ශිෂ්‍යත්ව හපනුන් ආණ්ඩුකාරවරියගේ ඇගයුමට.

Must read

grade_5_best_12මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵලවලට අනුව දිවයිනේ මුල් ස්ථාන දොළහ අතරින් ස්ථාන පහක්ම දිනාගනිමින් වයඹ පළාතට කීර්තියක් අත්කර දුන් සිසු සිසුවියන් සහ ගුරු භවතෙකු ඇගයීමේ උත්සවයක් වයඹ ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195ක් ලබා දිවයිනේ දෙවැනි ස්ථානයට පත් වූ කුලියාපිටිය ඇස්සැද්දුම සුභාරතී කනිෂ්ඨ විද්‍යාලයේ රුවන්යා මෙත්මිණි ගුණසේකර සිසුවිය සහ ලකුණු 194 ක් ලබා දිවයිනේ තෙවැනි ස්ථානයන් දිනාගත් සුභාරතී කනිෂ්ඨ විද්‍යාලයේම තේජන කෞෂිත් සිසුවාත්, ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ නෙත්මි සුබෝධිනී සිසුවියත්, ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලයේ සෙනිත් දිල්වාන් රාජපක්ෂ සිසුවා සහ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ ඉනේෂ් දුලංජන චන්ද්‍රසිරි සිසුවාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියගේ අතින් ඇගයීමට ලක් වූහ. ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල අනුව නිකුත් කළ ශිෂ්‍ය කාර්යය දර්ශකය අනුව ලංකාවේ ප්‍රථම ස්ථානය දිනාගත් ඇහැටුවැව එරියාව කනිෂ්ඨ විද්‍යාලයේ පහ වසර පන්ති භාර ආචාර්ය ජේ.එම්. අමිල ප්‍ර‍සාද් ජයසේකර මහතාගේ සේවයද අගය කරමින් ආණ්ඩුකාරවරිය අතින් මෙහිදී විශේෂ ඇගයීම් තිළිණයක් ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාවට වයඹ පළාත් සභා මන්ත්‍රී මංජුල බණ්ඩාර, ආණ්ඩුකාර ලේකම් නයනා කාරියවසම් සහ ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් අනුර බලල්ල යන මහත්ම මහත්මීන් සහ ඇගයීමට ලක් වූ සිසු සිසුවියන්ගේ මව්පියන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.grade_5_best_5 grade_5_best_7 grade_5_best_6 grade_5_best_8 grade_5_best_1 grade_5_best_2 grade_5_best_3 grade_5_best_10 grade_5_best_9 grade_5_best_11 grade_5_best_4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article