Thursday, March 28, 2024

මිලියන 4000 ක් පළාතෙන් ඉපයීමට 2017 වයඹ අයවැයෙන් යෝජනා කරයි.

Must read

buget-_2017_12017 වර්ෂය සදහා වන වයඹ පළාත් සභාවේ අයවැය කෙටුම්පත පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් ඊයේ (06 දා) වයඹ පළාත් සභාවට ඉදිරිපත් කළේය.

හයවැනි වයඹ පළාත් සභාවේ සිව්වැනි අයවැය වන එම අයවැය ප්‍රධාන අමාත්‍යවරයා සහ ලෙස ධර්මසිරි දසනායක මහතා විසින් වයඹ පළාත් සභාව වෙත ඉදිරිපත් කළ දෙවැනි අයවැයද වෙයි. රුපියල් මිලියන 37385.075 ක ලැබීම් ඇස්තමේන්තුවක් සහිත 2017 වර්ෂය සදහා වන අයවැය කෙටුම්පතෙහි රජයේ ප්‍රදාන , සංවර්ධන කාර්යයන් සදහා වන ප්‍රදාන, ප්‍රදාන නොවන වෙනත් ලැබීම් සහ අභ්‍යන්තර ගණුදෙණු මගින් පළාත් සභාව ලැබීමට අපේක්ෂා කරන මුදල රුපියල් මිලියන 28732.946 කි. මීට අමතරව අපේක්ෂිත ආදායම් ලෙස රුපියල් මිලියන 8652.129 ක මුදලක් උපයාගැනීමට බලාපොරොත්තු වන වයඹ පළාත් සභාව ඉන් වැඩිම මුදල වන රුපියල් මිලියන 4140 ක මුදලක් ඉපයීමට බලාපොරොත්තු වන්නේ රජයේ ආදායම් මාරුකිරීම්වලිනි. ආදායම් මාරුකිරීම් හරහා පළාත් සභාව වෙත ලබාගැනීමට අපේක්ෂිත මෙම මුදල සදහා මධ්‍යම රජය විසින් එකතුකොට පළාත් සභාව වෙත මාරුකිරීමට යෝජිත ජාතිය ගොඩනැගීමේ බද්ද මගින් රුපියල් මිලියන 2750 ක්, මුද්දර බද්ද මගින් රුපියල් මිලියන 1100 ක් සහ මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු වශයෙන් රුපියල් මිලියන 290 ක්ද ඇතුළත්ය. මීට අමතරව අපේක්ෂිත ආදායම් යටතේ වාහන ආදායම් බලපත්‍ර ගාස්තු වශයෙන් රුපියල් මිලියන 1881.629ක්, මත්පැන් බලපත්‍ර ගාස්තු මගින් රුපියල් මිලියන 173.500 ක්, මුද්දර ගාස්තු මගින් රුපියල් මිලියන 1600 ක්ද, උසාවි දඩ ලෙස රුපියල් මිලියන 350 ක් සහ වෙනත් ආදායම් ලෙස රුපියල් මිලියන 507 ක්ද පළාත තුළින් උපයාගැනීමට වයඹ පළාත් සභාව බලාපොරොත්තු වෙයි. 2017 වර්ෂයේ ඇස්තමේන්තු කළ මුලු ලැබීම් එකතුව 2016 වර්ෂයට සාපේක්ෂව බලනවිට 11.6 % ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව කී ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා අපේක්ෂිත ආදායමේ ඉලක්කය 15.1 % ක වැඩිවීමක් පෙන්නුම් කරන බවද අයවැය ඉදිරිපත් කරමින් පැවසීය.

2017 වෙනුවෙන් වයඹ පළාත් සභාවේ පුනරාවර්තන වියදම්වල එකතුව රුපියල් මිලියන 30668.815 ක් වන අතර එම මුදල සමස්ත අයවැයෙන් 82 % ප්‍රතිශතයකි. පුනරාවර්තන වියදම්වලින් වැඩිම මුදල වෙන්කර ඇත්තේ පළාත් සභාවේ පුද්ගල පඩිනඩි ගෙවීම්වලට වන අතර එම මුදල රුපියල් මිලියන 30238.815 කි. මීට අමතරව වෙනත් පුනරාවර්තන වියදම් ලෙස රුපියල් මිලියන 430 ක මුදලක්ද වෙන්කරනු ලැබ තිබේ. වාහන මිලදී ගැනීම සහ කුලී වාරික ගෙවීම, පළාත් අමාත්‍යංශ සංවර්ධන යෝජනා, පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ සංවර්ධන යෝජනා ඇතුලු මූලධන වියදම් යටතේ පළාත් සභාව විසින් වැයකිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 6716.260 කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article