Friday, April 19, 2024

තනි දළයා පණ අදී !

Must read

thani_dahalaya_4සොබාදහමේ අනගි නිර්මාණයක් වූ ගල්ගමුවේ තනි දළයා මේ වන විට උස්ගල, සියඹලංගමුව වැව් දිය මත වැතිර මත ජීවිතය ඉල්ලා සුවිසල් සටනක යෙදී සිටී.

අද අලුයම් කාලයේ වැවට පැමිණ ඇති මෙම හස්තියා එහි නොගැඹුරු තැනක වැතිර වේදනාවෙන් පසුවන බවත් , මේ වනතෙක් හස්තියාට නිසි ප්‍රතිකාරයක් ලැබී නැති බව ගම්වාසීහු කියති. තනි දළයාගේ ශරීරයට වසක් ඇතුලුකර ඇති බවද තතු දත් අය කියති.

තවත් එක් හස්තියෙකු නොව ජාතික වස්තුවක් වන තනි දළයා රැකගැනීම කෙරෙහි නිලබලධාරින්ගේ අවධානය යොමුවෙත්වා !

update 2016.12.15

වනජීවි නිලධාරින් විසින් ලබාදුන් ප්‍රතිකාර වලින් තරමක සුවයක් ලැබූ තනි දළයා වැවෙන් නැගිට ඒ අසල පිහිටි රක්ෂිතයට ගොස් එහි සරසරමින් සිටින බවත්, වනජීවි නිලධාරින් විසින් ඇතා වෙත අඛණ්ඩවම ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවත් වාර්තා වෙයි.

ඡායාරූප – මානෙල් හේවගේ, ජේ. බණ්ඩාර සහ ක්‍රිෂාන් අරෝෂණthani_dahalaya_1 thani_dahalaya_2 thani_dahalaya_3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article