Friday, April 19, 2024

කුරුණෑගල දුම්රියපොළ භූමියේ හදිසි ගින්නක් ! (ඡායාරූප)

Must read

station_fire_1මාර්ග අලුත්වැඩියාවේ නියුතු සේවක පිරිසකගේ අත්වැරදීමක් හේතුවෙන් කුරුණෑගල දුම්රියපොළ ආසන්නයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දමා, සිදුවීමට ගිය මහත් විනාශයක් වළක්වාගැනීමට කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ සේවකයෝ අද  දහවල් සමත්වූහ.

කුරුණෑගල දුම්රිය ස්ථානයේ ප‍්‍රවේශ මාර්ගය අලුත්වැඩියා කරමින් සිටි මාර්ග සේවක පිරිසක් විසින් තාර බැරල් උණු කිරීම සදහා දල්වන ලද ගිනි මැලයක් ඒ අසල පිහිටි සියඹලා ගසකට ඇවිලීම හේතුවෙන් අද දහවල් 1 ට පමණ මෙම ගින්න ඇති වී තිබේ. තාර බැරල් කිහිපයකට සහ සියඹලා ගසට එකවර ගිනි ඇවිලීම හේතුවෙන් කඵ දුමාරයක් නංවමින් ගින්න තදින් ඇවිල ගිය බව ඇසින් දුටුවෝ කීහ. පසුව ප‍්‍රදේශවාසීන් විසින් කළ දැනුම්දීමකට අනුව එහි පැමිණි කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ සේවකයින් විසින් ජලය ඉස ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමූහ.

ගින්න තවදුරටත් පැතිර ගියේ නම් ඊට නුදුරින් පිහිටි දුම්රිය සේවක නිල නිවාස ඇතුලු ගොඩනැගිලි ගණනාවක් විනාශවීමට ඉඩ තිබූ බවද ප‍්‍රදේවාසීහු කීහ. ගින්න හේතුවෙන් ජීවිත හෝ දේපළවල කිසිවකටත් අලාභ හානි සිදු වී නොමැත.

කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් සේවකයින් විසින් ගින්න නිවා දැමූ අයුරුstation_fire_2 station_fire_3 station_fire_6 station_fire_7 station_fire_5 station_fire_8 station_fire_4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article