Friday, March 29, 2024

මැල්සිරිපුර ඇළදොළ ගංගා වැනසූ වැලිගොව් ඩබලක් දැලේ.

Must read

gokarella_sand_lorry_1මැල්සිරිපුර සහ ඒ අවට පිහිටි ගංගා ඇළදොළවලින් නීතිවිරෝධී ලෙස වැලි ගොඩදමා ප‍්‍රවාහනය කිරීමේ ජාවාරමක් කලෙක පටන් පවත්වාගෙන ගිය බව කියන ලොරිරථ රියදුරන් දෙදෙනෙකු, ප‍්‍රවාහනයට සූදානම් කරමින් තිබූ වැලි තොගයක් සහ ලොරිරථ දෙකක්ද සමග ගොකරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

ගොකරැල්ල පොලිසියේ විශේෂ කාර්යංශයේ නිලධාරින් විසින් ලබාදුන් තොරතුරකට අනුව ගොකරැල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා පස්වරුවේ මැල්සිරිපුර, කිඹුල්වානාඔය සහ දඹහැර වැව ආශ‍්‍රිතව කළ වැටලීම් දෙකකදී මෙම වැලි ලොරි අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් විසින් කලෙක පටන් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවත්, මොවුන් විසින් සිදුකරන අනවසර වැලිගොඩදැමීම් හේතුවෙන් කිඹුල්වානාඔය සහ දඹහැර වැව ඇතුලු මැල්සිරිපුර ප‍්‍රදේශයේ පිහිටි ගංගා ඇළදොළවලට විශාල පාරිසරික හානියක් සිදුවෙමින් ඇති බවත් ගොකරැල්ල පොලිසිය කියයි.

ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද අබේරත්න මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්. ඩී. ජී. එස්. මධුශාන් මහතාගේ මෙහෙයවීමෙන්, පොලිස් සැරයන් රත්නායක (20631) , පොලිස් ආරක්ෂක සහායක අධිකාරි (1543) සහ හේරත් (1556) යන නිලධාරීහු විසින් වැටලීම සිදුකළහ.

අත්අඩංගුවට ගත් වැලි ලොරිgokarella_sand_lorry_2 gokarella_sand_lorry_3 gokarella_sand_lorry_4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article