Wednesday, April 24, 2024

දෙදෙනෙකුට එලොව යන්නට වරම් දුන් අරලිය උයන දුම්රිය හරස් මග වසරේ තෙවැනි බිල්ලත් ගනී.

Must read

araliya_uyana_1කුරුණෑගල, මුත්තෙට්ටුගල ප‍්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ධාවනය කළ ලොරි රථයක් පෙරේදා (28 දා) රාත‍්‍රියේ දුම්රියෙහි ගැටීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

පෙරේදා රාත‍්‍රි 7 ට පමණ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබුවේ කුරුණෑගල නගරය ආශ්‍රිතව සේවාව සපයන කුලී ලොරි රථ රියදුරෙකි. මුත්තෙට්ටුගල, අරලිය උයන නිවාස සංකීර්ණය වෙත දිවෙන මාර්ගය ඔස්සේ පිහිටා ඇති මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කරමින් තිබියදී, කොළඹ සිට වවුනියාව දක්වා ධාවනය වූ සීඝ‍්‍රගාමී දුම්රියෙහි ලොරිය ගැටී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. දුම්රියේ ගැටුණු ලොරි රථය පොඩිපට්ටම් වී ගොස් තිබූ අයුරු දැකගත හැකිවිය.

මෙම ස්ථානයේ කලෙකට ඉහත ගේට්ටු ක‍්‍රියාකරුවෙකු සේවයේ යොදවා සිට ඇති නමුත් මේ වන විට ඔහු සේවය අතහැර ගොස් සිටින බැවින් අනතුර සිදුවන විට එම ස්ථානයේ කිසිවෙකුත් රාජකාරියේ යෙදී සිට නොමැති බව ප්‍රදේශවාසීහු  කීහ. දැඩි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් වන අරලිය උයන දුම්රිය හරස් මාර්ගය ආශ‍්‍රිතව මෙම වසර තුළ සිදු වූ තෙවැනි අනතුර මෙය වන අතර ඉකුත් මාර්තු 22 වැනිදා දුම්රිය හරස් මාර්ගය හරහා යතුරු පැදියක් ධාවනය කරවමින් සිටි සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු දුම්රියක ගැටීමෙන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර ඔක්තෝම්බර් 10 වැනිදා මෙම ස්ථානයේදී ත‍්‍රිරෝද රථයක් දුම්රියෙහි ගැටීමෙන් ත‍්‍රිරෝද රථ රියදුරු මියගොස් පාසල් සිසුන් දෙදෙනෙකු තුවාල ලැබූහ.araliya_uyana_2 araliya_uyana_3 araliya_uyana_4 araliya_uyana_5 araliya_uyana_6

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article