Friday, April 19, 2024

ලොතරැයි අලෙවි නියෝජිතයෝ කුරුණෑගලදී මිනී පෙට්ටි විරෝධයක.

Must read

lottery_agaents_protest_16හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ලොතරැයි මිල ඉහළ දැමීමේදී තමන් වෙත ගෙවන කොමිස් මුදල සාධාරණ ලෙස වැඩි කරන්නැයි ලෙස ඉල්ලා කුරුණෑගල දිස්ත්‍රික් ලොතරැයි අලෙවි නියෝජිතයෝ අද (31 දා) දහවල් කුරුණෑගල නගර මධ්‍යයේදී උද්ඝෝෂණය යෙදුණහ.

කුරුණෑගල බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවයේ යෙදුණු පිරිස මීනි පෙට්ටියක් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනියගේ බව කියනු අනුරුවක්ද ප්‍රදර්ශණය කරමින් නගරය වටා විරෝධතා පාගමනකද නිරත වූහ. පාගමන අතරතුරදී පිරිස විසින් රතිඤ්ඤා වැල් කිහිපයක්ද දැල්වූහ.

පසුව එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා, දැනට විදේශගතව සිටින මුදල් අමාත්‍යවරයා දිවයිනට පැමිණි වහාම අදාළ ගැටලුව පිළිබදව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන බව පැවසූ නමුත් ලොතරැයි අලෙවි නියෝජිතයින් ඊට එකග නොවීම හේතුවෙන් මන්ත්‍රීවරයාට ආපසු හැරී යන්නට සිදුවිය.lottery_agaents_protest_3 lottery_agaents_protest_2 lottery_agaents_protest_1 lottery_agaents_protest_4 lottery_agaents_protest_5 lottery_agaents_protest_9 lottery_agaents_protest_10 lottery_agaents_protest_11 lottery_agaents_protest_12 lottery_agaents_protest_13 lottery_agaents_protest_14 lottery_agaents_protest_15

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article