Friday, April 19, 2024

කුඩු ගහන්න කඩ බින්ද රජ හොරෙක් කුරුණෑගලින් අල්ලයි.

Must read

20_-shops_robberකුරුණෑගල නගරය සහ ඒ අවට ප‍්‍රදේශයේ පිහිටි වෙළදසැල් සහ නිවාස බිදුම් අපරාධ විස්සකට වැඩි ප‍්‍රමාණයකට සම්බන්ධ බව කියන සැකකරුවෙකු කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ කුරුණෑගල , විල්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි එක්දරු පියෙකි.

මත්කුඩුවලට තදින්ම ඇබ්බැහි වී සිටින සැකකරු, මත්කුඩු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයාගැනීම සදහා කලෙක පටන් සොරකම් කිරීමේ යෙදී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. සැකකරු විසින් වෙළදසැල් බිද සොරාගන්නා කිරිපිටි, දුම්වැටි, සැමන් වැනි පාරිභෝගික භාණ්ඩ කොළඹ ප‍්‍රදේශයට රැගෙන ගොස් ඒවා පාරවල් අයිනේ තබාගෙන අඩු මුදලට විකිණා ඇති බවද පොලිසිය කියයි. එලෙස උපයාගන්නා සම්පූර්ණ මුදලම මත්කුඩු සදහා වැයකරන සැකකරු මුදල් අගහිගවීමේදී යළි කුරුණෑගලට පැමිණ වෙළදසැලක් බිද සොරාගන්නා භාණ්ඩ කොළඹට ගෙනගොස් අලෙවිකිරීම පුරුද්දක් බවට පත්කරගෙන තිබූ බවද පොලිසිය කියයි.

පසුගිය කාලයේදී කුරුණෑගල පොලිස් බල ප‍්‍රදේශය තුළ සිදු වූ වෙළදසැල් සහ නිවාස බිදීමේ අපරාධ ගණනාවක් පිළිබදව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය ඇතැම් වෙළදසැල්වල සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශණ ආධාරයෙන් සැකකරු පිළිබදව අනාවරණය කරගෙන තිබිණි. ඒ අනුව කුරුණෑගල නගර ආශ‍්‍රිතව ගැවසෙමින් සිටි සැකකරු පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිංලක බාලසූරිය මහතාගේ මෙහයවීමෙන්, උප පොලිස් පරීක්ෂක එස්. පී. රාජපක්ෂ , පොලිස් සැරයන් සමරසිංහ (23832) , පොලිස් කොස්තාපල් ප‍්‍රියන්ත (58188) , උදයකුමාර (31832) , කීර්ති (36757) සහ අධිකාරි (46604) යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article