Friday, March 29, 2024

කොමසාරිස් පාලනය යටතේ කුරුණෑගල මහ නගර සභාවේ ආදායම කෝටි 7 කින් ඉහළට !

Must read

mck_press_1කොමසාරිස් පාලනය ක‍්‍රියාත්මක වූ 2016 වර්ෂය තුළදී කුරුණෑගල මහ නගර සභාව ඉපැයූ සමස්ත ආදායම 2015 වර්ෂයට වඩා රුපියල් කෝටි හතකට අධික මුදලකින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වෙයි.

මේ බව අනාවරණය වූයේ කුරුණෑගල නාගරික කොමසාරිස් වරුණ සමරදිවාකර මහතාගේ ප‍්‍රධානත්වයෙන්, සභා කමිටු රැස්වීම් ශාලාවේදී පසුගියදා පැවැති කුරුණෑගල මහ නගර සභාවේ වාර්ෂික ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

එහිදී අනාවරණය වූ තොරතුරුවලට අනුව 2015 වර්ෂය තුළදී කුරුණෑගල මහ නගර සභාව විසින් එකතු කිරීම් මගින් උපයන ලද සමස්ත ආදායම ආදායම රුපියල් මිලියන 599 ක් වෙයි. නමුත් 2016 වර්ෂය තුළදී කුරුණෑගල මහ නගර සභාව එකතු කිරීම් මගින් ඉපැයූ සමස්ත ආදායම ආදායම මිලියන 670 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව කුරුණෑගල මහ නගර සභාව විසින් 2016 වර්ෂයේදී ඉපැයූ සමස්ත ආදායම 2015 වර්ෂයට වඩා රුපියල් මිලියන 71 කින් පමණ වැඩි වී තිබේ.

වරිපනම් , ජල ගාස්තු , කඩ කුලී, බස්නැවතුම්පොළ , දැන්වීම් පුවරු, රථගාල්, විනෝද බදු, වෙළද බලපත‍්‍ර සහ මහජන පොළ ඇතුලු කුරුණෑගල මහ නගර සභාව වෙත එකතු කිරීම් මගින් ලැබෙන සියලු ආදායම්වල කැපී පෙනෙන වර්ධනයක් 2016 වර්ෂයේදී දැකගත හැකි බව නාගරික කොමසාරිස් වරුණ සමරදිවාකර මහතා මෙම ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී පැවසීය. කුරුණෑගල මහ නගර සභාවේ වාර්ෂික ජල ගාස්තු ආදායම පමණක් 2016 වර්ෂයේදී මුල් මාස නවය අවසන් වනවිටම රුපියල් කෝටියකට වැඩි මුදලකින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි. 2015 වර්ෂයේ සමස්ත ජල ගාස්තු ආදායම ලෙස කුරුණෑගල මහ නගර සභාව විසින් රුපියල් පන් කෝටි විසි අට ලක්ෂ තිස්දහස් හාරසිය අනූ පහක ( 52830495 ) මුදලක් උපයාගෙන ඇති නමුත් 2016 සැප්තැම්බර් මාසය වනවිට කුරුණෑගල මහ නගර සභාවේ ජල ගාස්තු ආදායම ලෙස රුපියල් හය කෝටි තිස්තුන් ලක්ෂ තිස්අට තුන්සිය අනූ දෙකක් (63338392 ) උපයාගනිමින් 2015 වර්ෂයට වඩා රුපියල් එක්කෝටි පන්ලක්ෂ හත් දහස් අටසිය අනූ හතකින් (10507897 ) වාර්ෂික ජල ගාස්තු ආදායම වැඩිකරගෙන ඇති බවද එහිදී අනාවරණය විය.

වරිපනම් ආදායම් ලෙසද කුරුණෑගල මහ නගර සභාව විසින් 2015 වසරේදී රුපියල් දෙකෝටි අසූපන් ලක්ෂ පනස් පනස් දහස් හැත්තෑපහක ( 28555075 ) මුදලක් උපයාගෙන තිබූ අතර 2016 නොවැම්බර් මාසය වනවිට රුපියල් තුන් කෝටි විසිහත් ලක්ෂ දාහතර දහස් පහළොවක් ( 32714015 ) දක්වා එම මුදල වර්ධනය කරගැනීමට හැකියාව ලැබී තිබේ. ඒ අනුව 2015 වර්ෂයට වඩා රුපියල් හතලිස් එක් ලක්ෂ පනස් අට දහස් නවසිය හතලිහක (4158940 ) මුදලකින් කුරුණෑගල මහ නගර සභාවේ වරිපනම් ආදායමද ඉහළ ගොස් තිබේ.

නගර සභාවේ ආදායම් වර්ධනයවීම පිළිබදව ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී අදහස් දැක් වූ කුරුණෑගල නාගරික කොමසාරිස් වරුණ සමරදිවාකර මහතා මෙසේ පැවසීය.
‘‘කුරුණෑගල මහ නගර සභාවේ සභික ධූර කාලය පසුගිය ජූනි මාසයේදී අවසන් වුණාට පස්සේ නගර සභාව පවත්වාගෙනයාමේ වගකීම නිලධාරින් විදිහට අප වෙත පැවරුණා. මහ නගර සභා ආඥා පනතෙන් අප වෙත පැවරිලා තියෙන බලතල ප‍්‍රකාරව නාගරික කොමසාරිස්වරයා විදිහට මමත්, ඒ ඒ අංශ නියෝජනය කරන නිලධාරිනුත් නගර සභාව ක‍්‍රියාත්මක වූ කාලය හා සමානවම අඩුපාඩුවකින් තොරව නගර සභාවේ කටයුතු පවත්වාගෙනයන්නටත්, මහජනතාවට ලැබිය යුතු සේවාවන් විධිමත්ව ලබාදීමටත් හැමවිටෙකම උත්සාහ කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙස සභාවට ලැබිය යුතු ආදායම් නිසි ලෙස එකතු කරගැනීමට මේ වනවිට අපි සමත්වෙලා තිබෙනවා. ඒ අනුව සභාවක් නොමැති කාලයක වුනත් නගර සභාවට හිමි විය යුතු ආදායම් ප‍්‍රමාණයේ කිසිදු අඩුවීමකින් තොරව නගර සභාව ඉදිරියට ගෙනියන්න පුලුවන්වීම පිළිබදව නිලධාරින් විදිහට අපි සතුටු වෙනවා.’’යැයි පැවසීය.

ප‍්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වූ සිටි මහ නගර සභාවේ නිලධාරිහු mck_press

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article