Friday, March 29, 2024

ඇමැති හැරිසන් වී වලින් කොමිස් ගත් බව ඔප්පු කිරීමට නාමල් සැරසෙයි ! (VIDEO)

Must read

namal_vs_harrisonවී තොග නිකුත්කිරීමේදී පී. හැරිසන් අමාත්‍යවරයා කොමිස් මුදල් ලබාගෙන ඇති බව ඔප්පු කිරීමට තමන් සූදානම් බවත්, ඒ බව ඔප්පු කිරීමට යොදාගත හැකි හඩපට සහ පුද්ගල සාක්ෂි ගණනාවක් තමන් සතු බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියයි.

ඔහු මේ බව පැවසුවේ, වී තොග නිකුත්කිරීමේදී කොමිස් ලබාගෙන ඇති බව ඔප්පු කළහොත් තමන් ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වන බවට අමාත්‍ය පී. හැරිසන් මහතා විසින් කර තිබූ ප්‍රකාශයකට පිළිතුරුදීම සදහා කුරුණෑගලදී කැදවා තිබු මාධ්‍ය හමුවකදීය.

මීට අමතරව පී. හැරිසන් අමාත්‍යවරයාගෙන් පිළිතුරු අපේක්ෂාවෙන් නාමල් කරුණාරත්න මහතා විසින් තවත් ප්‍රශ්න කිහිපයක්ද ඉදිරිපත් කළේය. එම ප්‍රශ්න පහත දැක්වෙයි.

01. වී තොග නිකුත්කිරීමේදී අක්‍රමිකතා සිදුවන බවට තමන් විසින් කර ඇති පැමිණිල්ල පිළිබදව පරීක්ෂණයක් නොකරන්නේ ඇයි ?

02. රුපියල් පනස් ගණන්වලට වී කිලෝවක් අලෙවි කළ හැකිව තිබියදී රුපියල් වී කිලෝවක් රුපියල් තිස් ගණනකට විකුණා රජයට රුපියල් කෝටි ගණනක් පාඩු කරන්නේ ඇයි ?

03. හාල් සදහා පාලන මිලක් නොදමන්නේ ඩඩ්ලි සිරිසේන වැනි මහා පරිමාණ ව්‍යාපාරිකයින් ආරාක්ෂා කරගැනීමේ රජයේ උවමනාව නිසා නොවේද ?

අදාළ මාධ්‍ය හමුවේදී නාමල් කරුණාරත්න මහතා දැක්වූ අදහස් පහත දැක්වෙයි.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article