Friday, April 19, 2024

උසස්පෙළ ගණිතයෙන් ජයගත් “විශාරද“ අමායාගේ සංගීත හැකියාව දකිමු !

Must read

amaya_music2016 උසස්පෙළ ප්‍රතිඵලවලට අනුව ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වූ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ කේ. ඩී. එම්. අමායා ධර්මසිරි සිසුවිය අධ්‍යාපනයේදී මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම්වලදීත් සුවිශේෂි දක්ෂතා දැක් වූ සිසුවියක් වීම විශේෂත්වයකි.

පළමු ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වාම මලියදේව බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති අමායා ධර්මසිරි සිසුවිය 2013 වසරේදී ඇය මුහුණදුන් සාමාන්‍යපෙළ විභාගයෙන් මෙන්ම 2007 වසරේ පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන්ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය දිනාගැනීමට සමත්වී තිබීම විශේෂත්වයකි. අමායා ධර්මසිරි 2016 ඔලිම්පියාඩ් තරගාවලියේදී භෞතික විද්‍යා අංශයෙන් රන් පදක්කමක් දිනාගැනීමටද සමත් වූ සිසුවියකි. ජනාධිපති බාලදක්ෂිකාවක් මෙන්ම පාසල් මාධ්‍ය සංගමය ඇතුලු පාසලේ සමිති සමාගම් රැසක නිලතල හොබවා ඇති අමායා හින්දුස්ථාන් සංගීතය හැදෑරීමෙන් අනතුරුව විශාරද විභාගයද අවසන් කර තිබේ.

ඇගේ සංගීත දක්ෂතාවය පහත වීඩියෝවෙන් දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article