Friday, March 29, 2024

අද සිට පැය දොළහක් කුරුණෑගලට වතුර කැපෙයි.

Must read

water_cut_kurunegala
අද සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශය තුළ ජල සැපයුම දිනකට පැය දොළහක් අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලය කියයි.

කුරුණෑගල නගරයට ජලය සැපයීමට යොදාගන්නා ප්‍රධාන ජල මූලාශ්‍රය වන තැම්පාන ජලාශය , පවතින දැඩි නියං තත්වය  හමුවේ සම්පූර්ණයෙන්ම සිදීයාම ඊට හේතුව බව එම මණ්ඩලය කියයි. ලබන මාර්තු මාසය දක්වා වැසි නොලැබෙන බවට අනුමාන කෙරෙන හෙයින් කුරුණෑගල වැවෙහි ජලයද අරපරිස්සමින් පාවිච්චි කළ යුතුවීම ‍හේතුවෙන් මෙවැනි ජල කප්පාදුවක් කිරීමට සිදුවන බවත්  එම මණ්ඩලය කියයි.

කුරුණෑගල වැවෙහි ජලයද ප්‍රමාණවත් වන්නේ ඉදිරි සති කිහිපයකට පමණක් බවත්, නගර සභා බල ප්‍රදේශය තුළ ජලය අත්හිටුවීමේ  කාලසටහන කුරුණෑගල මහ නගර සභාව විසින් තීරණය කරනු ඇති බවත්ජල සම්පාදන මණ්ඩලයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක කීවාය.

කුරුණෑගල ශික්ෂණ රෝහල පමණක් මෙම ජල කප්පාදුවෙන් නිදහස් කර ඇති බවත්, ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ ජලය  විසන්ධි කෙරෙන නමුත් විකල්ප ක්‍රම ඔස්සේ රෝහල වෙත අඛණ්ඩවම ජලය සපයන බවද ඕ කීවාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article