Friday, April 19, 2024

සාරානාත් ආදි සිසු නියමුවන්ගේ සුහද හමුව හෙටයි !

Must read

Saranath main gateකුලියාපිටිය සාරානාත් විදුහලට වසර 134 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන විදුහලේ ආදි ශිෂ්‍ය නායක නායිකාවන්ගේ හමුවක් හෙට (15) වැනිදා කුලියාපිටිය සිරිමාලි සාද නිකේතනයේ පැවැත්වෙයි.

මේ වනවිට වෘත්තීන්හි නිරතවෙමින් පරිණතභාවයට පත්ව සිටින ආදි ශිෂ්‍ය නායක නායිකාවන්ගේ අතීත අත්දැකීම් සහ මගපෙන්වීම් හරහා පාසල දියුණුකිරීමට ඔවුන්ගෙන් ලබාදිය හැකි දායකත්වය පිළිබදව සාකච්ඡා කිරීම මෙම හමුවේ මූලික අරමුණ වී තිබේ. එමෙන්ම “සාරානාත් දරුවෝ “යන තේමාව යටතේ ඔවුනොවුන් අතර මිත‍්‍රශීලීත්වය, සහෝදරත්වය වර්ධනය කරගැනීමද මෙම හමුවේ තවත් අරමුණක් වෙයි.

1882 දී කුලියාපිටිය මහ විදුහල නමින් ආරම්භ වූ සාරානාත් මහ විදුහල මේ වනවිට ලබා ඇති දියුණුවට එහි ආදි සිසු සිසුවියන්ගෙන් ලැබෙන සහයෝගයද හේතුවී ඇති බැවින් ආදි ශිෂ්‍ය නායක නායිකාවන්ද විදුහල වටා ඒකරාශී කෙරෙව මෙම සුහදහමුව පිළිබද විස්තර 0718220499 අංකය ඇමැතීමෙන් එහි කැදවුම්කරු වන හිටපු ප‍්‍රධාන ශිෂ්‍යනායක චාමික මධුමාල් මහතාගෙන් ලබාගත හැකිය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article