Friday, April 19, 2024

කොට උඩ ගිය ලංගම බස් දොළහක් යළි මහ පාරට.

Must read

ctb_repair_bus_1කාර්මික දෝෂ හේතුවෙන් ධාවනයෙන් ඉවත්කර තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දොළහක් නවීකරණය කිරීමෙන් පසුව නැවත ධාවනයට එක්කිරීම කුරුණෑගල උතුරු ඩිපෝවේදී  පසුගියදා සිදුකෙරිණි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප‍්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය නිමිති කරගනිමින්, ලංගම බස් රථ පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ මෙම බස්රථ දොළහ අලුත්වැඩියා කර තිබේ. ඒ සදහා ප‍්‍රවාහන අමාත්‍යංශයේ ප්‍රතිපාදන හරහා රුපියල් ලක්ෂ තිහක පමණ මුදලක් වැය කර තිබේ. මෙලෙස නවීකරණය කෙරුණු බස් රථ සියල්ලම ධාවනයෙන් ඉවත්කර තිබුණු සහ කිලෝමීටර් ලක්ෂ පහකට වැඩි දුරක් ධාවනය කරවීමෙන් පසුව පුනරුත්ථාපනය සදහා යොමුකර තිබූ බස්රථ වීමද විශේෂත්වයකි. වයඹ පළාතට අයත් ලංගම ඩිපෝ දොළහෙන්ම එක් බස් රථය බැගින් නවීකරණය කිරීම සදහා තෝරාගෙන ඇති අතර ඒ ඒ ඩිපෝවන්හි කාර්මික සේවකයින් විසින් එම බස් රථවල නවීකරණ කටයුතු සිදුකර තිබේ.

බස්රථ නැවත ධාවනයට එක්කිරීම ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී සිදුකෙරුණු අතර එහිදී අලුත්වැඩියා කෙරුණු බස් රථයක් ධාවනය කර පරීක්ෂා කිරීමටද නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළේය. මෙම බස් රථ අලුත්වැඩියා කිරීම හරහා ලංගම බස් ඇණිය බස් රථ දොළහකින් ඉහළ යන බවත්, ඒ හරහා නව බස් රථ ආනයනය කිරීමට වැයකළ යුතුව තිබූ අතිවිශාල මුදලක් රටට ඉතිරි කරදීමට හැකි වූ බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ වයඹ පළාත් කළමණාකරු අශෝක රාජරත්න මහතා පැවසීය. අලුත්වැඩියා කෙරුණු බස්රථ දොළහ දුර ගමන් සේවා සහ ග‍්‍රාමීය මාර්ගයන්හි ධාවනය කරවීම සදහා අවශ්‍යතාවයන් අනුව යෙදවීමට නියමිත බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.ctb_repair_bus_4ctb_repair_bus_2 ctb_repair_bus_3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article