Thursday, April 25, 2024

හැදූ වැඩූ දරුවන්ගෙන් සරණක් නැතිව කැලෑවකට වැටුණු තවත් පියෙක් ! (VEDIO)

Must read

kankanimulla_father_1පන්නල – කුලියාපිටිය මාර්ගයේ කන්කානියමුල්ල ප්‍රදේශයේ කැලෑබද පෙදෙසක පිහිටි අතහැර දැමූ මඩුවක දිවි ගෙවමින් සිටි 80 හැවිරිදි වියපත් පියෙකු පන්නල පොලිසියේ මැදිහත්වීමෙන් අද (15 දා) කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබීය.

ඇවිදීමට නොහැකි තත්වයෙන් පසු වූ මෙම පියා ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් යමක් ආහාරයට ගෙන ජීවත් වී ඇති අතර එලෙස ආහාරයක් නොලැබුණු දිනවල මීටර් 50ක් පමණ දුරින් පිහිටි පන්නල – කුලියාපිටිය මාර්ගය වෙත තට්ටම් ආධාරයෙන් රූටාගෙන ගොස් මාර්ගයේ යනෙන අයෙකුගෙන් කෑමට යමක් ඉල්ලා ගන්නා බවද ඔහු කියයි. තමන්ගේ නම මුණසිංහ බවත්, තම පුත්‍රයා සහ භාර්යාව එම ගමෙහිම වාසය කරන බවත්, පුත්‍රයා සති කිහිපයකට වතාවක් පැමිණෙන බවටත් මෙම පියා විසින් පොලිසියට ප්‍රකාශ ලබා දී තිබේ.

පන්නල පොලිසිය වෙත ලැබී තිබූ තොරතුරකට අනුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණතිලක මහතා සහ ළමා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති සංජීවනී ලමාහේවා ඇතුළු පිරිසක් පැමිණ මෙම වියපත් පියා රැගෙන ගොස් කුලියාපිටිය මුලික රෝහලට ඇතුලත් කළහ.

මෙම පියාගේ ප්‍රකාශ අනුව හෙට දිනයේදී (16 දා) පොලිසියට පැමිණෙන ලෙස ඔහුගේ පුත්‍රයාට දැනුම්දුන් බව පන්නල පොලිසිය කියයි.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍රkankanimulla_father_2 kankanimulla_father_3


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article