Friday, March 29, 2024

කුරුණෑගල කුණු විකුණා නගර සභාවෙන් ලක්ෂ ගාණක් හොයලා.

Must read

mck_copmoste_incomeතම නාගරික බල ප‍්‍රදේශයේ ජනතාව බැහැර කළ කැලි කසලවලින් කුරුණෑගල මහ නගර සභාව විසින් 2016 වසරේදී රුපියල් හය ලක්ෂයකට ආසන්න මුදලක් උපයාගෙන ඇති බව කුරුණෑගල නාගරික කොමසාරිස් වරුණ සමරදිවාකර මහතා පැවසීය.

කොමසාරිස්වරයා මේ බව පැවසුවේ පසුගියදා පැවැති කුරුණෑගල මහ නගර සභාවේ වාර්ෂික ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

ඒ අනුව කුරුණෑගල මහ නගර සභාව සීමාව තුළ පිහිටි නිවාස සහ ආයතනවලින් බැහැර කෙරෙන කැලි කසල එකතු කර, කොම්පෝස්ට් පොහොර බවට පත්කර විකිණීම මගින් 2016 වර්ෂය තුළදී රුපියල් පන්ලක්ෂ හැත්තෑ හතර දහස් තුන්සිය හැත්තෑ හයක (574376) ආදායමක් උපයාගෙන ඇති බව නාගරික කොමසාරිස්වරයා පැවසීය. ඊට අමතරව අවිධිමත් කසල බැහැරකිරීම් සම්බන්ධයෙන් කුරුණෑගල මහ නගර නගර සභාව විසින් පවරා තිබූ නඩුවලදී වැරදිකරුවන් බවට පත් වූ පුද්ගලයින්ට රුපියල් එක්ලක්ෂ තුන් දහස් හාරසියයක (103400) මුදලක් අධිකරණයෙන් දඩ වශයෙන් නියම කර ඇති බවද හෙතෙම පැවසීය. 2016 වර්ෂයේදී අවිධිමත් කසල බැහැරකිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 54 දෙනෙකුට එරෙහිව කුරුණෑගල මහ නගර සභාව මගින් අධිකරණය හමුවේ නඩු පවරා ඇතැයිද කොමසාරිස්වරයා එහිදී පැවසීය. මීට අමතරව නගර සභාවේ භාවිතයට යොදාගත් භාණ්ඩ සහ උපකරණ පසු භාවිත ද්‍රව්‍ය ලෙස විකිණීම මගින් රුපියල් තුන්ලක්ෂ එක්දහස් දෙසිය තිස් අටක (301238 ) ආදායමක්ද කුරුණෑගල මහ නගර සභාව විසින් 2016 දී උපයාගෙන ඇති බවත් සමරදිවාකර මහතා වැඩිදුරටත් පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article