Friday, April 19, 2024

ලොතරැයි මිල අඩු කළ සතුට සමරා කුරුණෑගල අලෙවි නියෝජිතයෝ මහපාරේ කිරි උතුරවති.

Must read

 

loterry_agents_celibrate_12ලොතරැයියක මිල රුපියල් විස්සක් බවට පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ගත් තීන්දුව පිළිබදව, කුරුණෑගල දිස්ත‍්‍රික් ලොතරැයි අලෙවි නියෝජිතයෝ අද  (18 දා ) දහවල් කුරුණෑගල ප‍්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිටදී කිරි උතුරවා සතුට පළකළහ.

ඔවුන්ගේ ගැටඵ පිළිබදව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදීමට මැදිහත් වූ බව කියන වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වේඩරුව මහතාද ලොතරැයි අලෙවිකරුවන්ගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය. බස් නැවතුම්පොළ මාර්ගයේ පදික වේදිකාව මත ඉදිකළ ලිපක ගිනි දල්වා කිරි මුට්ටියක් ඉතිර වූ අලෙවි නියෝජිතයෝ අනතුරුව අමාත්‍යවරයාගේ අතින් කේක් ගෙඩියක්ද කැප්පවූහ. මෙම කේක් ගෙඩිය මත ‘‘රුපියල් 20’ ලෙස සටහන් කර තිබූ අතර ලොතරැයි කිහිපයකින් එය හැඩගන්වා තිබීමද විශේෂත්වයක් විය. බස්නැවතුම්පොළ ඉදිරිපිට තැනූ තාවකාලික අට්ටාලයක් තුළ කැවුම්, කිරිබත්, කෙසෙල්ගෙඩි සහ විවිධ කැවිලි පෙවිලිවලින් සමන්විත තේ මේසයක්ද ලොතරැයි අලෙවි නියෝජිතයින් විසින් සූදානම් කර තිබූ අතර කුරුණෑගල නගරයට පැමිණ සිටි ජනතාව එම තේ මේසයට කැදවා සංග‍්‍රහ කිරීමටද ඔවුහු එහිදී කටයුතු කළහ. loterry_agents_celibrate_1 loterry_agents_celibrate_2 loterry_agents_celibrate_3
loterry_agents_celibrate_10loterry_agents_celibrate_11loterry_agents_celibrate_4 loterry_agents_celibrate_5 loterry_agents_celibrate_6 loterry_agents_celibrate_7 loterry_agents_celibrate_8 loterry_agents_celibrate_9 loterry_agents_celibrate_10

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article