Friday, March 29, 2024

මන්ත‍්‍රී නලින් බණ්ඩාරට එරෙහිව සංඝාඥාවක් !

Must read

rev_jinarathane_press_1හම්බන්තොට ආයෝජන කලාපයට මුල්ගල් තබන අවස්ථාවේදී ඊට විරෝධය දැක්වීමට පැමිණියේ ශ‍්‍රමණ වේශධාරින් බවට කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා විසින් පසුගියදා කළ ප‍්‍රකාශය පිළිකුළෙන් යුතුව හෙළාදකින බවත්, එම ප‍්‍රකාශය පදනම් කරගනිමින් නලින් බණ්ඩාර මහතාට එරෙහිව සංඝාඥාවක් නිකුත්කරන බවත් වයඹ පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක රැකව ජිනරතන හිමියෝ පැවසූහ.

එහිමියන් මේ බව පැවසුවේ කුරුණෑගල දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ භික්ෂු සංවිධානය විසින් කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනේදී පෙරේදා (17 දා) කැදවා තිබූ මධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජිනරතන හිමියෝ , සංඝයා වහන්සේ එදින එම ස්ථානයට වැඩමකළේ පුද්ගලික වාසි බලාපොරොත්තුවෙන් නොවන බවත්, මාතෘ භූමියෙන් කොටසක් චීනයට පවරාදීමට එරෙහිව අවිහිංසක විරෝධයක් දැක්වීමට බවත් කීහ. එම අවස්ථාවේදී රජයේ මෙහෙයවීමෙන් පැමිණි මැරයින් විසින් භික්ෂූන් වහන්සේට පහරදී ශාසනද්‍රෝහී ක‍්‍රියාවක් සිදුකළ බවද පැවසීය. එම ප‍්‍රහාරය පිළිබදව පසුගිය දිනෙක පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක් වූ නලින් බණ්ඩාර මහතා , එහි පැමිණියේ භික්ෂූන් වහන්සේ නොව ශ‍්‍රමණ වේශධාරින් බව බවට කළ ද්වේශ සහගත ප‍්‍රකාශය කුරුණෑගල දිසාවේ සියලු භික්ෂූන් වහන්සේ විසින් දේශපාලන භේදයකින් හෝ නිකාය භේදයකින් තොරව හෙළාදකින බවද පැවසීය.

එම ස්ථානයට පැමිණ සිටියේ මහනායක හිමිවරුන්, අනුනායක හිමිවරුන් සහ විහාරාධිපතින් වහන්සේ ඇතුලූ දිවයිනේ චිරප‍්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ බවත් උන්වහන්සේ ශ‍්‍රමණ වේශධාරින් බව කියන්නේ කෙසේදැයි ජිනරතන හිමියෝ නලින් බණ්ඩාර මහතාගෙන් ප‍්‍රශ්න කළහ. මෙවැනි වාචාල කතා කියන මන්ත‍්‍රීවරුන් වයඹින් බිහිවීම ගැන තමන් කණගාටු වන බවත්, හොරට සිවුරු පොරවා මැරයින් භික්ෂූන් වහන්සේ ලෙස යෙදවීමේ ව්‍යාපාරයක නලින් බණ්ඩාර මහතා යෙදී සිටින්නේදැයි ඔහුගේ ප‍්‍රකාශ අනුව තමන් වහන්සේලාට සාධාරණ සැකයක් මතුවන බවද උන්වහන්සේ කීහ. එබැවින් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී, ආගම්ද්‍රෝහී සහ ශාසනවිරෝධී ප‍්‍රකාශකිරීම සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේ ලෙස නලින් බණ්ඩාර මහතාට විරුද්ධව සංඝාඥාවක් නිකුත්කරන බවද පැවසීය.rev_jinarathane_press_3 rev_jinarathane_press_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article