Thursday, April 25, 2024

ජීවත්ව සිටියදීම ශිහාන් මිහිරංගලා විසින් මරා දැමුණු රෝයි පීරිස් සදහටම නික්ම යයි.

Must read

Roy-Peiris_death“මා දෑසේ වේදනා ඔය දෑසේ පෙම් සිනා“ ගීතය ඇතුළු ජනප්‍රිය ගී රැසක් ගයමින් රසික හදවත් පිනවමින්, වයඹින් බිහි වූ තවත් කලාකරුවෙකු වන ගායන ශිල්පී රෝයි පීරිස් මහතා අද අළුයම අභාවප්‍රාප්ත විය.

පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන රෝයි පිරිස් මහතා ජාතික තරුණ සේවා සභාවේ, බෙල්වුඩ් සංගීත ගම්මානයේ දෙවන කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස සංගීතය හදාරමින් ක්ෂේත්‍රයට පිවිසියේය. පසුකාලීනව සංගීත ගුරුවරයෙකු වශයෙන් ගුරු සේවයට එක් වූ රෝයි පීරිස් මහතා ඇත්ගාලේ හා ඒත්තුකාලේ විද්‍යාලයන්හි සංගීත ගුරුවරයා ලෙස කටයුතු කළේය. මියයන විට 54 වියෙහි පසු වූ ඒ මහතා දෙදරු පියෙකුද වෙයි.

පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී උපත ලැබූ රෝයි පීරිස් මහතා මිය යන විට කොච්චිකඩේ , දළුවකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටියේය. ඒ මහතාගේ දේහය මේ වනවිට මීගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පිළිබදව පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතිහු කියති.

වාලුකාතලෙන්, හද ආදරේ පුබුදා වැනි ජනප්‍රිය ගී ගණනාවක් ගායනා කර ඇති රෝයි පීරිස් මහතාගේ ජනප්‍රියම නිර්මාණය ලෙස සැලකෙන්නේ මා දෑසේ වේදනා ඔය දෑසේ පෙම් සිනා ගීතයයි. මීට වසර කිහිපයකට පෙර ගායන ශිල්පි ශිහාන් මිහිරංග විසින් එම ගීතය රීමික්ස් නිර්මාණයක් ලෙස එළිදක්වනු ලැබීය. තම අවසරයකින් තොරව එම ගීතය ප්‍රතිනිර්මාණය කිරීම සම්බන්ධයෙන් රෝයි පිරීස් මහතා දැඩි කලකිරීමට සහ සංවේගයට පත් වී සිටි අතර තමාට මා දෑසේ වේදනා ගීතය ගැයීම පවා තහනම් කර ඇති බවට රෝයි පීරිස් මහතා විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

පුත්තලම නලින් හෙන්දුරුගොඩ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article