Tuesday, April 23, 2024

වව්නියා උපවාසකරුවන්ගේ මරණයට පෙර විග්නේශ්වරන් රජයෙන් විසදුමක් ඉල්ලයි.

Must read

vawniya_protest_1අතුරුදන්වූවන්ගේ ඥාතීහු පිරිසක් වව්නියාවේදී ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය අතරතුර කිසිවෙකු මියයාමට පෙර රජය විසින් අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පිළිගත හැකි මට්ටමේ ප‍්‍රතිචාරයක් දැක්විය යුතු බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා කියයි.

මාරාන්තික උපවාසයක යෙදී සිටින මෙම උපවාසකරුවන් පිරිස දින හතරක් තිස්සේ ආහාර නොගැනීම හේතුවෙන් දැඩි ලෙස දුර්වලව සිටින බවද විග්නේශ්වරන් මහතා පැවසීය. උපවාසකරුවන්ගේ ඉල්ලීම් පිළිබදව රජයෙන් ස්ථාවර පිළිතුරක් ලබාදිය යුතු බවත්, එම පිළිතුර කඩිනම්න් ප‍්‍රකාශ කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

පසුගිය යුද සමයේදී අතුරුදන් වූ තම ඥාතීන් සොයාදීම හෝ ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි යන්න නිශ්චිතව ප‍්‍රකාශ කරනතෙක් අතුරුදන්වූවන්ගේ ඥාතීහු බව කියන පිරිසක් පසුගිය 23 වැනිදා වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපිටදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර පිරිස දින හතරක් තිස්සේ අඛණ්ඩවම උපවාසයේ යෙදී සිටිති.

යුද්ධය නිමා වී වසර හතක කාලයක් ගතවී ඇතත් , යුද සමයේදී අතුරුදන්වූවන් සොයාදීමට එවකට පැවැති රජය මෙන්ම වත්මන් රජයද කටයුතු නොකළ බවට උපවාසකරුවෝ චෝදනා කරති. අතුරුදන්වූවන් සොයාදෙන බවට පොරොන්දු දී ඡන්ද ලබාගත් දේශපාලනඥයින් කිසිවෙකුත් වර්තමානයේදී ඒ පිළිබදව කිසිවක් නොකරන බවද ඔවුහු කියති. අතුරුදන්වූ පුද්ගලයින් පිළිබද සාක්ෂි සහිත සියලු තොරතුරු ආරක්ෂක අංශ වෙත භාර දී ඇතත් එම අංශවලින්ද මේ දක්වාම කිසිදු තොරතුරක් තමන් වෙත ලැබී නැතැයිද ඔවුහු කියති.

වවුනියාව මාධව කුලසූරිය.vawniya_protest_7 vawniya_protest_6 vawniya_protest_5 vawniya_protest_4 vawniya_protest_3 vawniya_protest_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article