Thursday, March 28, 2024

‘‘ මම නුගේගොඩ යන්නේ නැහැ ! “ වයඹ අධ්‍යාපන ඇමැති

Must read

sandhaya_nugegodaඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් අද නුගේගොඩදී පැවැත්වෙන රැළියට තමන් සහභාගිවන බවට ඇතැම් පිරිස් විසින් ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත්, තමන් ස්ථිර වශයෙන්ම එම රැස්වීමට සහභාගි නොවන බවත් වයඹ පළාත් තොරතුරු තාක්ෂණ ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

අද දිනයේදී වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාශයේ පැවැත්වෙන වැඩකටයුතු රාශියක් සදහා ජනතාවගෙන් ආරාධනා ලැබී ඇති බැවින් එම වැඩකටයුතුවලට සහභාගිවීම සදහා අද දිනය වෙන්කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. වයඹ පළාතේ, විශේෂයෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කයේ දරුවන්ගේ අධ්‍යාපන තත්වය ඉහළ  නැංවිමෙහිලා හා දුෂ්කර පාසැල් දියුණු කිරිමේ කාර්යය මැනවින් ඉටුකිරීම සම්බන්ධයෙන් අකුල් හෙලන පිරිසක් විසින් මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින බවද පැවසීය. එවැනි පිරිස් විසින් තමන්ගේ ඇමති ධූරය ගැලවෙන තෙක් බලා ඉන්නා නමුත් මෙම ඇමතිකම යොදාගනිමින් අසරණ දරුවන්ට සේවය කිරිම තම ඒකායණ අරමුණ බවද සන්ධ්‍ය රාජපක්ෂ මහතා පැවසීය.

තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාටද ගරු කරන බවත් එම දෙදෙනා එකට සිටි කාලයේ පක්ෂය ශක්තිමත්ව පැවති බවත් පක්ෂය හා පාක්ෂිකයන් ආරක්ෂා කරගෙන තම දේශපාලනය කරන බවද ඇමතිවරයා වැඩිදුරටත් කීය.

නයිනමඩම චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article