Saturday, April 20, 2024

මාධ්‍යවේදීන්ගේ සංගීතයට ඇමැති දයාසිරි කියපු සිංදුව (VIDEO)

Must read

dayasiri_singingනවීකරණය කෙරුණු අලව්ව, ගල්ගමුව මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය හා ප්‍රේක්ෂකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුලු දේශපාලනඥයින්ගේ කණ්ඩායම සහ වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන්ගෙන් සැදුම්ලත් ජනමාධ්‍යවේදීන්ගේ කණ්ඩායම සුහද ක්‍රිකට් තරගයක් ඊයේ (28 දා) එම ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

එම තරගයෙන් දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් දේශපාලනඥයින්ගේ කණ්ඩායමට එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් හිමි වූ අතර අනතුරුව තමන් හා තරගකළ මාධ්‍යවේදීන් සමග එක්ව ගී කිහිපයක් ගැයීමටද ඇමැතිවරයා අමතක නොකළේය.

විශාරද දිනේෂ් උපේන්ද්‍ර ඇතුලු මාධ්‍යවේදීන් විසින් සැපයූ සංගීතයට ක්‍රිඩා අමාත්‍යවරයා විසින්  “ වියෝ වූ පසුවයි දැනෙන්නේ  “ ගීය ගැයුවේ මෙලෙසිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article