Thursday, April 25, 2024

“ රිෂාඩ් හොදයි, රන්ජන් නරකයි ! “ උතුරේ භික්ෂූහු කියති.

Must read

Vavuniya_press_2017_01_30_3නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාට එරෙහිව සිදුකරන ප‍්‍රකාශයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, ඒවා හුදු චිත‍්‍රපට ජවනිකාවලට සමාන වන බවත් උතුරු පළාත නියෝජනය කරන භික්ෂූන් වහන්සේ සහ සිංහල දේශපාලන නියෝජිත පිරිසක් කියති.

ඔවුහු මේ බව පැවසුවේ වවුනියාව ශ‍්‍රී බෝධි දක්ෂිණාරාමයේදි අද (30 දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක් වූ පරණ හල්මිල්ලෑව විහාරාධිපති, පූජ්‍ය මොරගොඩ ධම්මානන්ද නාහිමියන් පැවසූවේ රිෂාඩ් බදූර්දීන් මහතා උතුරු පළාතේ සිංහල , දෙමළ සහ මුස්ලිම් සියලු ජාතීන් වෙත සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කරන බවත්, ප‍්‍රදේශයේ විහාර සංවර්ධනය වෙනුවෙන් පවා නිරතුරුව කටයුතු කරමින් සිටින බවය.

සාකච්ජාවට එක් වූ අවරන්තුලාව වේතියගිරි විහාරාධිපති පෙරියඋලුක්කුලමේ සුනන්ද නාහිමියන් පැවසූවේ රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයා විල්පත්තුව වනය විනාශ කරමින් සිටින බවට රංජන් රාමනායක මහතා විසින් සිදුකරන ප‍්‍රකාශ සත්‍ය නොවන බවත්, වවුනියාව ප‍්‍රදේශයේ භික්ෂූන් වහන්සේ පිරිසක් සමග අදාළ ප‍්‍රදේශය නිරීක්ෂණය කිරීමට වැඩම කළ අවස්ථාවේ විල්පත්තු සීමාවේ කිසිදු වන විනාශයක් සිදු වි නොමැති බව තමන් වහන්සේට නිරීක්ෂණය කිරීමට හැකි වූ බවය.

මෙහිදී අදහස් දැක් වූ උතුරු පළාත් සභා මන්ත‍්‍රී වී.ජයතිලක මහතා, ජාතිවාදය පැතිරවීමට කටයුතු කරමින් සිටින රංජන් රාමනායක වැනි පිරිස් රිෂාඩ් බදූර්දීන් මහතා වෙත අභුත චෝදනා එල්ල කරන නමුත් යුධ සමයේ අවතැන් වූ දමිළ ජනතාව වෙත පහසුකම් සැපයීමට මෙන්ම විපතට පත් සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව වෙත අවශ්‍ය සහයෝගය ලබාදීමට රිෂාඩ් බදූර්දීන් මහතා කටයුතු කළ බව පැවසීය. එවැනි කරුණු නොදන්නා රංජන් රාමනායක මහතා ඇති තතු දැනගෙන කථා කළ යුතු බැව්ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

සාකච්ජාව සදහා වවුනියාව දිස්ත‍්‍රික් පළාත් පාලන ආයතනවල හිටපු සිංහල හා දමිළ මන්ත‍්‍රීවරුන් පිරිසක්ද සහභාගි වි සිටියහ.

වවුනියාව – මාධව කුලසූරිය.Vavuniya_press_2017_01_30_1 Vavuniya_press_2017_01_30_2 Vavuniya_press_2017_01_30

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article