Thursday, April 18, 2024

කුඩ්ඩන්ට ඇප දුන්නාට එරෙහිව කොටකන්දේ ගම්මු මහ පාරට ! (ඡායාරූප)

Must read

gattuwana_protest_17මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් කුඩු ජාවාරම්කරුවන් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සුරාබදු නිලධාරින්ගේ නොසැලකිල්ල හේතුවෙන් එම ජාවාරම්කරුවන්ට අධිකරණයෙන් ඇප නියම වී ඇති බව පවසමින් ගැට්ටුවාන, කොටකන්ද ප‍්‍රදේශවාසීහු පිරිසක් අද ( 09 දා ) කුරුණෑගල – මහනුවර ප‍්‍රධාන මාර්ගයේ පිහිටි ගැට්ටුවාන වටරවුම මධ්‍යයේදී විරෝධතාවයක යෙදුණහ.

මෙම උද්ඝෝෂණයට කොටකන්ද ගම්මානයේ පදිංචි දෙසියයකට ආසන්න පිරිසක් එක් වී සිටි අතර පිරිස කුරුණෑගල – මහනුවර මාර්ගයේ ගැට්ටුවාන මංසන්ධිය මැද පිහිටි වටරවුම මැදට වී විරෝධතා පුවරු ප‍්‍රදර්ශණය කරමින් උද්ඝෝෂණයේ යෙදෙන්නට වූහ.

ගැට්ටුවාන, කොටකන්ද ප‍්‍රදේශයේ පදිංචි එක් පවුලක සාමාජිකයින් වසර තිහකට වැඩි කාලයක් තිස්සේ ප‍්‍රදේශය පුරා මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමක යෙදී සිටින බවත්, පෙබරවාරි 01 වැනිදා වයඹ පළාත් සුරාබදු විශේෂ වැටලීම් මෙහෙයුම් ඒකකය විසින් කළ විශේෂ මෙහෙයුමකදී මෙම ජාවාරම්කරුවන් පිරිස මත්කුඩු තොගයක්ද සමග අත්අඩංගුවට ගත් බවද උද්ඝෝෂකයෝ මෙහිදී කීහ. පසුව ගමේ විවිධ ස්ථානයන්හි සැගවී සිටි තවත් මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් ගම්වාසීන් විසින් අල්ලාගෙන සරාබදු නිලධාරින්ට භාරදුන්නේ මත්කුඩු උවදුර තම ගමෙන් තුරන් කරදැමීමේ අරමුණ ඇතිව බවද ඔවුහු කීහ. නමුත් ඊට පසු දින අධිකරණය වෙත ඉදිරිපත් කළ එම ජාවාරමුන්ට අධිකරණයෙන් ඇප නියම වී ආපසු ගමට පැමිණි බවත්, ඒ පිළිබදව සොයාබැලීමේදී සුරාබදු නිලධාරින් විසින් අදාල ජාවාරම්කරුවන්ට එරෙහිව නිසි පරිදි චෝදනා ගොනුනොකිරීම හේතුවෙන් ඔවුන්ට ඇප නියම වී ඇති බව හෙළි වූ බවද ඔවුහු වැඩිදුරටත් කීහ.

විරෝධතාකරුවන් විසින් මාර්ගය අවහිර කිරීමට සහ වටරවුම මතට දැමූ ටයර් කිහිපයක් ගිනි තබන්නටද උත්සහ කළ අතර පොලිසිය විසින් ඊට අවහිර කිරීම හේතුවෙන් පොලිස් නිලධාරින් සහ විරෝධතාකරුවන් අතර උණුසුම් වචන හුවමාරු කිහිපයක්ද ඇතිවිය. විරෝධතාවය හේතුවෙන් කුරුණෑගල – මහනුවර ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයටද තරමක බාධා සිදුවිය.

පසුව එම ස්ථානයට පැමිණි කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි එගොඩවෙල මහතා, කොටකන්ද ප‍්‍රදේශයේ පුරා පැතිර ඇති මත්කුඩු ජාවාරම මැඩලීම පිණිස පොලිසියේ උපරිම බලය යොදවන බවට විරෝධතාකරුවන් හමුවේ පොරොන්දු වූහ. ඒ අනුව පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය උද්ඝෝෂණය අවසන් කළ කොටන්ද ගම්වාසීහු ගැට්ටුවාන වටරවුමෙන් ඉවත් වී ගියහ.gattuwana_protest_1 gattuwana_protest_2 gattuwana_protest_3 gattuwana_protest_4 gattuwana_protest_6 gattuwana_protest_7 gattuwana_protest_8 gattuwana_protest_9 gattuwana_protest_10 gattuwana_protest_11 gattuwana_protest_12 gattuwana_protest_13 gattuwana_protest_14 gattuwana_protest_16 gattuwana_protest_15

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article