Friday, April 19, 2024

ස්ථීර පත්වීම් ඉල්ලා වෙළගෙදර ක‍්‍රීඩාංගණ සේවකයෝ වහළය උඩ උපවාසයක.

Must read

welagedra_ground_protestතමන්ට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යටතේ ස්ථීර පත්වීම් ලබාදෙන්නැයි ඉල්ලමින් කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේ සේවයේ නියුතු සේවක පිරිසක් එම ක‍්‍රීඩාංගණයේ පේ‍්‍රක්ෂකාගාර වහළය මතට නැගී ඊයේ ( 09 දා ) දහවල් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළහ.

මෙම උද්ඝෝෂණයට වෙළගෙදර ක‍්‍රීඩාංගණයේ සේවයේ සේවකයින් හත් දෙනෙකු එක් වී සිටිති. තමන් දෛනික වැටුප් පදනම මත වසර හතක් තිස්සේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට සේවය කළ බවත්, මේ වනවිට එම පිරිස අන්තර් පළාත් ක‍්‍රිකට් ආයතනය වෙත අනුයුක්ත කිරීමට කටයුතු කරමින් ඇති බවත් උපවාසකරුවෝ කියති. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට සේවය කළ වසර හතක කාලය නොසලකා හරිමින් මෙම නව පත්වීම් ලබාදීම හේතුවෙන් තමන් දැඩි අසාධාරණයකට පත් වී ඇති බවද ඔවුහු කියති. එබැවින් අන්තර් පළාත් ක‍්‍රිකට් ආයතනය යටතේ නොව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යටතේම ස්ථීර පත්වීම් ලබාදෙන තෙක් අඛණ්ඩවම උපවාසයේ යෙදෙන බවද උපවාසකරුවෝ වැඩිදුරටත් පැවසූහ.welagedra_ground_protest_1 welagedra_ground_protest_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article