Thursday, March 28, 2024

මගුල් මේසයේදී හමු වූ ඇමැති ටී.බී.ගෙන් ආණ්ඩු පෙරළිය ගැන මහින්දට පන්තියක් !

Must read

ayg_2017_02_09නිදහස් දින ඇරැයුම ඉවත ලූ මහින්ද ජල ව්‍යාපෘතියක් විවෘත කරන්න කුරුණෑගල එයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුලු රජයේ මැති ඇමැතිවරුන් ත‍්‍රිවිධ හමුදා උත්තමාර මධ්‍යයේ කොළඹ ගාලූමුවදොර පිටියේදී හැට නව වැනි නිදහස් දිනය සමරද්දී හිටපු ජනපති මහින්ද නිදහස් දිනය ගතකළේ කුරුණෑගලදීය. හමුවීම්, විවෘත කිරීම්, සාකච්ඡා, රැස්වීම් මෙන්ම විවාහ මංගල ඇතුලු අවස්ථාවන් කිහිපයකටම මහින්ද එදින සහභාගි විය. දිනයේ පළමු අංගය ලෙස මහින්ද සහභාගි වූයේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන වයඹ පළාතේ හිටපු පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ගේ හමුවකටය. කුරුණෑගල, වැවරවුම් පාරේ පිහිටි මන්ත‍්‍රී සාලින්ද දිසානායකගේ නිවසේදී හමුව පැවැත්විණි. ජී. එල්. පීරිස්, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප‍්‍රනාන්දුත් මහින්ද සමග සාලින්දගේ නිවසේ පැවැති හමුවට එක් වී සිටියහ. රැස්වීම ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව කළේ මන්ත‍්‍රී සාලින්ද විසිනි. සාලින්දගේ කතාව යන අතරතුරදී තවත් අමුත්තෙකු රැස්වීම් භූමියට පැමිණියේය. ඒ පළාත් සභා මන්ත‍්‍රී පියුමාල් හේරත්ය. පසුගිය මහ මැතිවරණයෙන් පසුව පියුමාල් හේරත් මහින්ද පිලේ රැස්වීමක දැකගත හැකි වූ පළමු වතාවද එයම විය. මන්ත‍්‍රීනි මංජුලා දිසානායක විසින් ඉදිරිපෙළ අසුනක් පියුමාල්ට පිරිනමද්දී පිළිගැනීමේ කතාව කරමින් සිටි සාලින්ද විසින් මහින්ද පිළ හා එක්වූ පියුමාල් උණුසුම් අයුරින් පිළිගත්තේය. රැස්වීම මාධ්‍යයට විවෘත නොවූ එකක් වූ අතර එහිදී සිදුකෙරුණේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ග‍්‍රාමීය කමිටු පිහිටුවීමේ ප‍්‍රගතිය පිළිබදව ආසන මට්ටමින් විමසා බැලීමය. එක් එක් ආසන නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් විසින් තම තමන්ගේ ආසනවල ග‍්‍රාමීය කමිටු පිහිටුවීමේ ප‍්‍රගතිය ඉදිරිපත් කළහ. අනෙකුත් ආසනවල කමිටු පිහිටුවීම ගැටඵවකින් තොරව සිදුකෙරුණු නමුත් පඩුවස්නුවර ආසනයෙහි ප‍්‍රගතිය විමසීමට ගත් අවස්ථාවේදී දෙපිරිසක් අතර සිදු වූ වචන හුවමාරුවකින් රැස්වීම උණුසුම් මුහුණුවරකට පෙරළිණි. ඒකාබද්ධයේ පඩුවස්නුවර කණ්ඩායම දෙකට බෙදී සිටි අතර එක් පිරිසක් හිටපු මන්ත‍්‍රී සුනිල් ජයවීරගේ පිළත්, අනෙක් පිරිස හිටපු මන්ත‍්‍රී ධර්මසිරි බමුණුසිංහගේ පිළත් නියෝජනය කළහ. බමුණුසිංහ නැගී සිට පඩුවස්නුවර ග‍්‍රාමීය කමිටු පිහිටුවීමේ තත්වය පිළිබදව සභාවට ගණන් හිලව් ඉදිරිපත් කළේය. ඊට විරෝධය පළකරමින් සුනිල් ජයවීරගේ පිළෙන් කීවේ බමුණුසිංහගේ පිල ග‍්‍රාමීය කමිටු පිහිටුවා ඇත්තේ කොළ පිරවීමෙන් බවත්, සැබෑ ලෙසම කමිටු පිහිටුවා තමන් විසින් බවටත්ය. ඊට බමුණුසිංහ පිලේ සාමාජිකයින් විසින් ප‍්‍රතිචාර දැක්වීමට යාමෙන් දෙපිරිස අතර උණුසුම් වාග් ප‍්‍රහාරයක් ඇති විය. වාග් හුවමාරුව ගැටුමක් දක්වා දුරදිග යන්නට පෙර මහින්දගේ මැදිහත්වීමෙන් ගැටුම සමනය කෙරිණි. පඩුවස්නුවර තත්වය පිළිබදව සොයාබලා ගැටඵ ඇත්නම් ඒවා විසදන ලෙසට මහින්ද විසින් සාලින්ද සහ ජොන්ස්ටන් වෙත භාර කළේය. ආණමඩුව ආසනය නියෝජනය කරමින් පැමිණ සිටි හිටපු මන්ත‍්‍රීවරුන්ද ප‍්‍රියංකර ජයරත්න පිළිබදව අදහස් දක්වන්නට වූහ. ‘‘ප‍්‍රියංකර ජයරත්න ආපහු මේ පැත්තට ගත්තාට කමක් නෑ. නමුත් අපි ලෑස්ති නෑ තවදුරටත් එතුමා පස්සේ ගිහින් දේශපාලනය කරන්න. ඒ නිසා එතුමාට අපි හදලා තියෙන වැඩපිළිවෙලට එකතුවෙලාඑක්ක වැඩ කරන්න කියනවා මිසක් එතුමා පස්සේ යන්න කියලා නම් කියන්න එපා. ’’ ආණමඩුවේ මන්ත‍්‍රීවරු කීහ. එවැනි වාද විවාද මැද පැය තුනකට වැඩි කාලයක් තිස්සේ ඇදී ගිය කමිටු පිහිටුවීම පිළිබද සාකච්ඡාව අවසන් කර සාලින්දගේ නිවසින් එළියට බැස්ස මහින්ද මාධ්‍යවේදීන් විසින් වටකරගත්හ. මාධ්‍යවේදීන් මහින්දගෙන් ඇසුවේ නිදහස් උත්සවයට ආරාධනාවක් ලැබුණේ නැතිදැයි කියාය. ‘‘ලැබුණා !’’මහින්ද පිළිතුරු දුන්නේය. ‘‘එහෙනම් නොගියේ ?’’මාධ්‍යවේදීන් යළි ඇසූහ. ‘‘මට අද මෙහේ එන්න තිබුණානේ.’’යැයි මාධ්‍යට කියූ මහින්ද සාලින්දගේ නිවසින් පිට වී ගියේය. අනතුරුව මතව, ශ‍්‍රී සුගතාරාම විහාරස්ථානය වෙත ගිය මහින්ද මතව පානීය ජල යෝජනා ක‍්‍රමය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් එහි සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගි විය. රැස්වීම සංවිධානය කර තිබුණේ කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී සිසිර කුමාර විසිනි. එහි විශේෂත්වය වූයේ ඒකාබද්ධ විපක්ෂය වෙත සහය දක්වන කුරුණෑගල මන්ත‍්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් උත්සවයට සහභාගි වී නොසිටීමය. සිසිර සමග ඇති ආරවුල් මුල්කරගනිමින් මෙන්ම පුද්ගලික හේතු ඉදිරිපත් කරමිනුත් හිටපු මන්ත‍්‍රීවරුන්ගෙන් වැඩි දෙනකු රැස්වීමට සහභාගි නොවූහ. රැස්වීම අවසන් කර වේදිකාවෙන් බැස ආ මහින්ද ඉදිරියට තවත් අමුත්තෙකු පැමිණ සිටියේය. ඒ කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පැටි‍්‍රක් කරුණාසිංහය.‘‘සර් මාව අදුරනවාද දන්නේ නැහැ’’ පැටි‍්‍රක් මහින්ද සමග සිනහවෙමින් ඇසීය. ‘‘මොකෝ මම නොදන්නේ, හුග කාලෙකින්නේ දැක්කේ සභාපතිතුමා. දැන් පේන්නවත් නැත්තේ මොකෝ ? ’’යැයි කී මහින්ද ප‍්‍රැටික් සමග කතාබහද එතැනින් අවසන් කර උත්සව භූමියෙන් නික්ම ගියේය.

මගුල් මේසයේදී ආණ්ඩු පෙරළියක් ගැන කතාබහක් !

නිදහස් දා රාත‍්‍රියේ මහින්ද සාරගම ප‍්‍රදේශයේ හෝටලයක පැවැති කුරුණෑගල ව්‍යාපාරිකයෙකුගේ විවාහ මංගල්‍යයකටද සහභාගි විය. එතැනදීත් තවත් අමුත්තෙකු මහින්දට මුණගැසිනි. ඒ ඇමැති ටී. බී. ඒකනායකය. මහින්ද සහ ජොන්ස්ටන් සමග එක මේසයේ වාඩි වූ ඇමැති ටී. බී. සුපුරුදු පරිදිම මහින්ද ඉදිරියේ ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළිබදව විවේචනයක් ඉදිරිපත් කළේය. පෙරළියක් සදහා කාලය එළැඹ ඇති බවත්, තමන් ඇතුලු පිරිසක් ඒ සදහා සූදානමින් සිටින බවටත් ටී. බී. මහින්ද වෙත ඉගි කළේය. එතැනින් නොනැවතුණු ටී. බී. මන්ත‍්‍රී ජොන්ස්ටන්ට දැනමුතුකම් දෙන්නටද අමතක නොකළේය. ‘‘ජොනී, ඔයා දැන් මේ දිස්ත‍්‍රික්කයේ නායකත්වය අතට ගන්න. මන්ත‍්‍රීවරු ටික එකතුකරගෙන දුවන්න පටන්න ගන්න.’’ ටී. බී. කීය. ‘‘දැනටත් එහෙම තමයි ඇමැතිතුමා. අපේ මන්ත‍්‍රීවරු ටිකත් එකතු කරගෙන අපි මේ වැඩේට බැහැලා දැන් සෑහෙන කාලයක් වෙනවා. ’ජොන්ස්ටන් ඇගටපතට නොදැනී පිළිතුරු දුන්නේය.

ඇමැතියි සභාපතියි අස්වීමේ – අස්කිරීමේ තරගයක.

වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය තුළ මතු වී ඇති අර්බුද තව තවත් ඔඩුදුවවමින් එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ සම්පත් දේශාන් වර්ණපුර පසුගිය සිකුරාදා එම තනතුරින් ඉල්ලා අස්විය. අතුල විජේසිංහ පාලන සමයේදී වැඩි සද්දයක් නැතිව පැවැති වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය පැත්තෙන් ගිණිකෙළි සංදර්ශණ ඇරඹෙන්නේ එම අමාත්‍යංශය වත්මන් ඇමැති ගුණදාස දෙහිගම යටතට පත්වීමත් සමගය. ඇමැති දෙහිගම විසින් සිය බෑණනුවන් වූ නයනජිත් උපේන්ද්‍ර එහි සභාපති පුටුවේ වාඩිකර වූ නමුත් වැඩි කලක් ගෙවෙන්නට මත්තෙන් නයනජිත් එම තනතුරට සමුදුන්නේය. ඇමැති දෙහිගමගෙන් එල්ල වූ බලපෑම් හමුවේ නයනජිත්ට සභාපති තනතුර එපා වූ බවට එකල කියැවිණි. සම්පත් දේශාන් සභාපති පුටුවට එන්නේ නයනජිත්ගේ අඩුව පුරවන්නටය. පුද්ගලික බස් හිමියෙකුද වන සම්පත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ මුල් පුටුවේ හිදගැනීම පිළිබදව බස් හිමියන්ගේ සංගම් දැඩි ලෙස විරෝධය දැක් වූ නමුත් ඒ බව නොතැකූ සම්පත් සිය කටයුතු කරගෙන බවක් පෙණනි. ඇමැති දෙහිගමගේ පාලන කාලය තුළ සිදු වූ බව කියන ටෙන්ඩර් බලපත් වංචා, නීතිවිරෝධී බස් ධාවන බලපත් ලබාදීම් ඇතුලු කරුණු ගණනාවක් පිළිබදව බස් හිමියන්ගේ සංගම් දිගින් දිගටම චෝදනා එල්ල කළ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීත් බස් හිමියන් විසින් ජනාධිපති මෛත‍්‍රී ඉදිරිපිටදීම ඇමැති දෙහිගමට දූෂණ චෝදනා එල්ල කළ බවද වාර්තා විය. වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයාගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ඔහු අධිකරණය හමුවේ නඩු පැවරුවේද ඒ සමයේදීමය. ලංගම – පුද්ගලික බස් ධාවන ඒකාබද්ධ කාලසටහන් ක‍්‍රියාත්මක කිරීමේ සමාරම්භක උත්සවයේ ප‍්‍රචාරක පුවරු සහ ආරාධනාපත් සදහා අගමැති රනිල්ගේ ඡායාරූපය යොදාගැනීම පිළිබදව උරණ වූ ඇමැති දෙහිගම සභාපති සම්පත් වර්ණපුරට දෙහි කැපූ සිදුවීමක්ද එකළ අඵ යට ගිනි පිටුව හරහා හෙළිකෙරිණි. මෙවැනි ඇණුම්, බැණුම් සහ දූෂණ චෝදනා මැද ඇමැති දෙහිගමගේ පාලනය යටතේ වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය අවුල් ජාලාවක් බවට පත් වී තිබෙනු දැකගත හැකි විය. සතර දෙසින්ම චෝදනා මිස අධිකාරිය පිළිබදව හොදක් කියැවෙන බවක් නම් නොපෙණිනි. මේ නිසාම මගී ප‍්‍රවාහන අධිකාරිය ඇමැති දෙහිගමටද හිසරදයක් වී තිබූ බවක් දැකගත හැකිවිය. එම නිසා ඇමැති දෙහිගම විසින් එක් පළාත් සභා රැස්වීමකදී වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය භාරගන්නා ලෙසට මහ ඇමැති ධර්මසිරිගෙන් ඉල්ලා සිටියේ එය කුණු කන්දක් ලෙසට හදුන්වමිනි. ධර්මසිරිද හැරෙන තැපෑලෙන් දෙහිගමගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය. ඇමැති දෙහිගම සහ සභාපති වර්ණපුර අතර කලක් තිස්සේ පැවැති බව කියන ගැටුමේ උච්ඡතම අවස්ථාව එළැඹ තිබුණේ පසුගිය සිකුරාදාය. එදින දහවල් ඇමැති දෙහිගම විසින් දැමූ ගෝරනාඩුවකින් පසුව සභාපති සම්පත් තීරණය කර තිබුණේ සභාපති පුටුවට සමු දී වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියෙන් එළියට බහින්නටය. සිකුරාදා පස්වරු 4.10 වන විට සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලියාපදිංචි තැපෑලට යොමු කළ සම්පත් නිවසට ගොස් තිබිණි. සම්පත් සිය ඉල්ලා අස්වීමේ ලිපිය සකස් කරන විට පළාත් සභා සංකීර්ණයේ පිහිටි ඇමැති දෙහිගමගේ අමාත්‍යංශයේදී සම්පත්ගේ නම් සදහන් කරමින් තවත් ලිපියක් සකස්වෙමින් තිබිණි. ඒ සම්පත් සභාපති තනතුරෙන් පහකළ බවට ඇමැති දෙහිගමගේ නියෝගය ඇතුළත් ලිපියකි. කෙසේවෙතත් දෙහිගමගේ ලිපිය ලියාපදිංචි තැපෑලට වැටෙන විට එදින පස්වරු පහ පසු වී තිබූ බව කියැවෙයි. ඒ අනුව ඇමැති සහ සභාපති අතර පැවැති අස්වීමේ සහ අස්කිරීමේ තරගයෙන් සභාපති වර්ණපුර තියුණු ජයක් ලබා ඇති බවක් පෙනෙයි. මක්නිසාද යත් සම්පත්ගේ ඉල්ලා අස්වීමේ ලිපියට වඩා ඇමැති දෙහිගමගේ තනතුරෙන් පහකිරීමේ ලිපිය ඉස්සර වූයේ නම් එය සම්පත්ගේ අනාගතයට සෘජුවම බලපාන්නට ඉඩ තිබූ බැවිනි.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2017 පෙබරවාරි 09 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article