Thursday, April 25, 2024

තමාට දාව පිළිසිදගත් දරුගැබ විනාශ කළැයි දොස්තර බිරිදට එරෙහිව දොස්තර සැමියා පොලිසි යයි.

Must read

dr_complainතම බිරිදගේ කුසෙහි තමාට දාව පිළිසිද ගත් දරුගැබ ඇය විසින් නීතිවිරෝධී අයුරින් ගබ්සාවට ලක්කරගෙන ඇති බවට සැකයක් මතුවන හෙයින් ඒ පිළිබදව විධිමත් වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා දරුගැබට සිදුවූයේ කුමක්දැයි අනාවරණය කර දෙන ලෙසට ඉල්ලමින් මැල්සිරිපුර ප‍්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකු ගොකරැල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

දන්ත වෛද්‍යවරියක බව කියන තම බිරිදට එරෙහිව මෙලෙස පොලිසියට පැමිණිලි කර ඇත්තේ මැල්සිරිපුර, ඕමාරගොල්ල ප‍්‍රදේශයේ පදිංචි වෛද්‍ය මංගල අමරසිංහ මහතා විසිනි.

පේරාදෙණිය දන්ත රෝහලේ සේවය කරමින් සිටින තම බිරිද ඉකුත් වසරේ ජූනි මාසයේදී ගැබ්ගත් බවත්, ගැබ් ගැනීමෙන් අනතුරුව ඇය පේරාදෙණිය ප‍්‍රදේශයේ නැවැතී සේවයට වාර්තාකළ බවත් වෛද්‍යවරයා පොලිසියට පැමිණිලි කර තිබේ. ගැබ් ගැනීමෙන් මාස කිහිපයකට පමණ පසුව ඇය නිවසට පැමිණි අවස්ථාවකදී ඇගේ කුසෙන් දරු ගැබ ඉවත් වී තිබූ අයුරු දුටු බවත්, ඒ පිළිබදව විමසීමේදී මානසික පීඩනය හේතුවෙන් දරු ගැබ විනාශ වූ බව ඇය විසින් ප‍්‍රකාශ කළ බවත් එම පැමිණිල්ලෙහි දැක්වෙයි. නමුත් මානසික පීඩනය මත දරුගැබක් විනාශවිය නොහැකි බව වෛද්‍යවරයෙකු ලෙස තමන් හොදින්ම දන්නා බවත්, තම බිරිද වෙනත් පුද්ගලයෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වන බවද මේ වනවිට හෙළි වී ඇති බැවින් එම සම්බන්ධය හේතුවෙන් දරුගැබ විනාශ කරන්නට ඇති බවට සාධාරණ සැකයක් මතුවන බවද අමරසිංහ මහතා කියයි. එබැවින් තම බිරිද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු හෝ ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂාවකට ලක්කර තමන්ට දාව ඇයගේ කුසේ පිළිසිද ගත් දරුගැබට සැබෑ ලෙස සිදුවූයේ කුමක්දැයි සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසටද වෛද්‍ය අමරසිංහ මහතා ඔහුගේ පැමිණිල්ලෙන් ඉල්ලා සිටී.

(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති  ඉහත ඡායාරූපය මෙම සිදුවීමට අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article