Wednesday, April 24, 2024

රත්කරව්වේ භූගත කසිප්පු ගබඩාවක් පොලිසියෙන් වටලයි.

Must read

ratkarawwa_kasippuරත්කරව්ව, වෙන්දේසිවත්ත ප‍්‍රදේශයේ පවත්වාගෙන මහා පරිමාණ කසිප්පු නිෂ්පාදන තිප්පොළක් වැටලූ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ විස මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ නිලධාරිහු බැරල් තුළ බහා පොළව යට ගබඩාකර තිබූ ගෝඩා ස්ප‍්‍රීතු තොගයක් සමග එම ජාවාරමට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙකුද පසුගියදා අත්අඩංගුවට ගත්හ.

පොළව යට ගබඩා කර තිබූ ගෝඩා ලීටර් 360ක්, කසිප්පු බෝතල් 18 ක් සහ කසිප්පු පෙරීමට යොදාගත් උපකරණ තොගයක්ද පොලිසිය විසින් එලෙස අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් කසිප්පු තොගයේ වෙළදපොළ වටිනාකම රුපියල් තුන් ලක්ෂ පනස්දහසක් පමණ වන බව පොලිසිය කියයි.

සැකකරුවන් විසින් දිගු කලක් තිස්සේ මෙම මෙම කසිප්පු ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවත්, එහිදී නිෂ්පාදනය කළ කසිප්පු තොග වශයෙන් කුරුණෑගල නගරය හා ඒ අවට ප‍්‍රදේශවල බෙදා හැර ඇති බවද පොලිසිය කියයි. මෙම ජාවාරම පිළිබදව කලක් තිස්සේ පරීක්ෂාවෙන් පසු වූ විස මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ නිලධාරීහු ඊයේ දිනයේදී එම ස්ථානය වටලා සැකකරුවන් සමග කසිප්පු තොගය අත්අඩංගුවට ගත්හ.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ උපදෙස් මත විස මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ නිලධාරීහු විසින් වැටලීම සිදුකළහ.
ratkarawwa_kasippu_2 ratkarawwa_kasippu_1 ratkarawwa_kasippu_4 ratkarawwa_kasippu_3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article