Saturday, April 20, 2024

පවුල් ආරවුලක් විසදන්න මීගලෑව පොලිසියට ගෙන්වූ දෙදරු පියෙකු පොලිසියේදී වස බීලා.

Must read

meegalawa_police_suicideපවුල් ආරවුලක් සමථයට පත්කරගැනීම සදහා මීගලෑව පොලිස් ස්ථානයට පැමිණ සිටි දෙදරු පියෙකු පොලිස් ස්ථානය තුළදී වස කුප්පියක් පානය කිරීමෙන් සිය දිවිනසාගෙන ඇතැයි එම පොලිසිය කියයි.

මෙලෙස දිවිනසාගෙන ඇත්තේ මැදින්නෝරුව ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි දෙදරු පියෙකි. කලක් නාවික හමුදාවේ සේවය කර ඉවත් වී ඇති මෙම පුද්ගලයා ඉන් අනතුරුව මත්කුඩු ඇතුලු මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී සිටි බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

බීමතින් නිවසට පැමිණෙන තම ස්වාමි පුරුෂයා තමන්ට සහ දරුවන්ට පහරදෙමින් හිරිහැර කරන බැවින් ඔහුව පොලිසියට ගෙන්වා අවවාද කරන ලෙසට ඉල්ලමින් මියගිය පුද්ගලයාගේ බිරිද විසින් මීගලෑව පොලිසිය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව ඔහු අද උදෑසන පොලිසියට කැදවා තිබූ බව පොලිසිය කියයි. අදාල පැමිණිල්ල විභාග කළ මීගලෑව පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් මෙම පුද්ගලයාට අවවාද කර කරුණු වටහා දී ඇති අතර එම උපදෙස් පිළිගත් එම තැනැත්තා තමන්ට බිරිද සමග තනිව කතා කිරීමට අවශ්‍ය බව පවසා තිබේ. ඒ අනුව මීගලෑව පොලිසියේ නිලධාරින් විසින් පොලිස් ස්ථානයේ නිදහස් ස්ථානයක අසුන් දෙකක් පනවා අඹුසැමි යුවළට කතාබහ කිරීමට අවස්ථාව සලසා තිබේ. බිරිද සමග සුහදව කතබහක යෙදී සිටි මෙම පුද්ගලයා ඔහුගේ යට ඇදුම තුළ සගවාගෙන සිටි එක්වරම වස කුප්පියක් එළියට ගෙන එහි තිබූ දියරය පානය කර තිබේ. වස පානය කිරීමෙන් අසාධ්‍ය තත්වයට පත් වූ එම පුද්ගලයා මීගලෑව රෝහලට කඩිනමින් ඇතුළත් කිරීමට පොලිස් නිලධාරින් විසින් කටයුතු කර ඇති නමුත් රෝහල් ගතකිරීමෙන් ටික වේලාවකට පසුව හෙතෙම ජීවිතක්ෂයට පත් වී තිබේ.

ගල්ගමුව අරෝෂණ මාන්නප්පෙරුම

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article