Thursday, March 28, 2024

පොල්අත්තාපිටියේ හෝටලයක කෑම කමින් සිටි තරුණ පිරිසකට යකඩ පොලු ප්‍රහාරයක් ! (VIDEO)

Must read

polatthapitiya_attck_1යකඩ පොලුවලින් සන්නද්ධ වී පැමිණි කණ්ඩායමක් විසින් කුරුණෑගල, පොල්අත්තාපිටිය ප්‍රදේශයේ රාත්‍රි හෝටලයක් තුළ ආහාර ගනිමින් සිටි තරුණයින් පිරිසකට ඊයේ (25 දා) අඵයම එල්ල කළ ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ තරුණයින් තිදෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

ඊයේ අඵයම 1.30 ට පමණ මෝටර් රථයකින් සහ ජීප් රථයකින් පැමිණි අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කළ බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති. යකඩ පොලු අතැතිව හෝටලයට කඩා වදින මෙම පිරිස එහි සිටි ඉදිරිපස කොටසේ මේසයක අසුන්ගෙන සිටි තරුණයින්ට බිම පෙරළාගෙන යකඩ පොලුවලින් පහරදෙන අයුරු හෝටලයේ සවිකර ‍තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබේ. තරුණයින්ට පහරදීමෙන් පසුව හෝටලයේ තිබූ භාණ්ඩ කිහිපයකටද පහරදී අලාභහානි කළ පිරිස ඔවුන් පැමිණි වාහනවලට නැගී පළා ගිය බවද සිද්ධිය දුටුවෝ කීහ.

යකඩ පොලු පහරට ලක්ව රෝහල් ගතකෙරුණු තරුණයින් තිදෙනාගෙන් එක් අයෙකු අසාධ්‍ය තත්වයේ පසුවීම හේතුවෙන් එහි දැඩි සත්කාර ඒකකයට මාරුකරනු ලැබීය. ප්‍රහාරය එල්ල කළ කණ්ඩායමට අයත් බව කියන කිහිපදෙනෙකුද ඊයේ අලුයම් කාලයේ කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ, පහරදීමකින් තුවාල ලැබූ බව පවසමින් රෝහල්ගත වී ඇති නමුත් ඔවුන් ඉන් පැය කිහිපයකට පමණ පසුව රෝහලෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග කියයි. තමන් කිසිදු සිදුවීමකට සම්බන්ධ නැතිබවත්, කුමන හේතුවක් මත තමන් පහරකෑමට ලක්වූයේදැයි නොදන්නා බවත් ප්‍රහාරයට ලක්වූ තරුණයින් පැවසූහ.

වරදවා වටහාගැනීමක් හේතුවෙන් මෙම පිරිස පහරකෑමට ලක්වන්නට ඇතැයි සැකකෙරෙන අතර කුරුණෑගල මූලස්ථාන පොලිසිය පහරදීම පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

polatthapitiya_attck_2 polatthapitiya_attck_3 polatthapitiya_attck_4 polatthapitiya_attck_5 polatthapitiya_attck_6

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article