Friday, March 29, 2024

ප‍්‍රධාන කර්තෘ ඉවත් කිරීමට විරෝධය දක්වා ඉරුදින සේවකයෝ රාජකාරිවලින් ඉවත්වෙති.

Must read

irudina copy‘ඉරුදින’පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ විමලනාත් වීරරත්න මහතා නීතිවිරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම පුවත්පතේ කර්තෘ මණ්ඩලය සියලු රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඉරුදින පුවත්පත ප‍්‍රකාශයට පත් කරන ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ නලින් ජයතිලක මහතා විසින් පෙබරවාරි 27 දිනැති දාතමින් යුතුව නිකුත් කර ඇති ලිපියකට අනුව පෙබරවාරි 28 වැනිදා සිට විමලනාත් වීරරත්න මහතාගේ සේවය අවසන් කර ඇත. කිසිදු කරුණක් සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීමක් හෝ විමර්ශනයක් සිදු නොකර මේ අයුරින් ප‍්‍රධාන කර්තෘවරයා කඩිමුඩියේ තනතුරින් ඉවත්කිරීම නීතිවිරෝධී මෙන්ම අයුක්ති සහගත බව ඉරුදින සේවකයෝ කියති.

ආයතනයේ සේවකයන්ට හිමි විය යුතු ජනවාරි මාසයේ වැටුප පවා සම්පූර්ණයෙන් ගෙවා නොමැති තත්වයක් තුළ මෙන්ම සේවය කළ කාලයට අදාළ සේවක අර්ථසාධක අරමුදල් හෝ සේවක භාරකාර අරමුදල් කොටස් ගෙවා නැති පසුබිමක මාර්තු මාසයේ වැටුප පමණක් ගෙවීමේ පොරොන්දුව පිට මේ අයුරින් සේවකයකු ඉවත් කිරීම තරයේ හෙළා දැකිය යුතුය.

මේ නිසා අදාළ නීතිවිරෝධී සහ අයුක්ති සහගත ලිපිය වහාම ඉවත් කර ගන්නා ලෙසත්, සේවක මර්දනය වහාම නවත්වන ලෙසත් බල කරමින් සහ එම පියවර ගන්නා තුරු පුවත්පතේ රාජකාරිවලින් ඉවත් වන බවත් සදහන් කරමින් ඉරුදින කර්තෘ මණ්ඩල සාමාජිකයින් විසින් ආයතනයේ කළමනාකාරිත්වයට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article