Tuesday, April 23, 2024

බන්ධනාගාරයේ ඉල්ලීමෙන් සමයංට එරෙහි කුලියාපිටියේ නඩුව කල් යයි.

Must read

sanmayan_kuliyapitiyaඉකුත් දා වෙඩි තබා ඝාතනය කෙරුණු අරුණ උදයන්ත නොහොත් සමයං ඇතුලු පිරිසක් විත්තිකරුවන් ලෙස නම්කරමින් , කුලියාපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ දැනට විභාගවෙමින් පවතින වෙඩිතැබීමක් සම්බන්ධ නඩුවක් අද (02 ) විභාගයට ගත් අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ කුලියාපිටිය ම‍හෙස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා එම නඩුව ඉදිරි දිනයකට කල්තැබීමට නියම කළේය.

මෝටර් රථයකින් පැමිණ පන්නල ප‍්‍රදේශයේ නිවෙසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සමයං ඇතුලු පිරිසකට එරෙහිව කුලියාපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇති අතර එම නඩුවට පෙනී සිටීම සදහා බන්ධනාගාර නිලධාරීන් විසින් සෑම නඩු වාරයකදීම සමයං ඇතුලු පිරිස කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

අද දිනයේදී මෙම නඩුව යළි විභාගයට ගත් අවස්ථාවේදි , ඉකුත් දා සිදු වූ වෙඩිතැබීම සම්බන්ධ වාර්තාවක්ද අධිකරණය වෙත ඉදිරිපත්කරමින්අධිකරණය හමුවේ කරුණු දැක් වූ බන්ධනාගාර නිලධාරිහු සමයංගේ ඝාතනයත් සමග ඔහුගේ කල්ලියේ සෙසු සාමාජිකයින්ට මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිතවලටත් ඇති වී තිබෙන ජීවිත තර්ජන පිළිබදව සලකා නඩුව වෙනත් දිනයකදී කැදවන ලෙසට ඉල්ලා සිටියහ. බන්ධනාගාර නිලධාරින්ගේ ඉල්ලීම සලකා බැලූ කුලියාපිටිය ම‍හෙස්ත‍්‍රාත්වරයා අදාල නඩුව ඉදිරි දිනයක් දක්වා කල් තැබීය.

මෙම නඩුව විභාගයට ගැනීමට පෙර අද දින උදෑසන කුලියාපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍්‍රියන්ත මහතා ඇතුලු පොලිස් නිලධාරිහු කණ්ඩායමක් විසින් කුලියාපිටිය අධිකරණ පරිශ‍්‍රය දැඩි සෝදිසියකට ලක්කළ අයුරුද දැකගත හැකි විය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article