Friday, April 19, 2024

රාජකාරිය නිමවා නිවසට යමින් සිටි තවත් පොලිස් කොස්තාපල්වරයෙකු මෝටර් රථයක ගැටී මරුට.

Must read

 

police_death_potuharaකොළඹ – කුරුණෑගල මාර්ගයේ පොතුහැර ප‍්‍රදේශයේදී යතුරුපැදියක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පෙරේදා (01 දා ) රාත‍්‍රියේ සිදු වූ අනතුරකින් රාජකාරිය අවසන් කර නිවස බලායමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ කුරුණෑගල කොට්ඨාශ රථවාහන අංශයට අනුයුක්තව සේවය කරමින් සිටි හසිත වික‍්‍රමසිංහ නැමැති 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි. පොල්ගහවෙල, උඩපොල ප‍්‍රදේශයේ පදිංචි ඒ මහතා එක් දරු පියෙකි.

පෙරේදා පස්වරුවේ රාජකාරි අවසන් කිරීමෙන් පසුව ඔහුට අයත් යතුරු පැදියෙන් නිවස බලා පිටත් වී ඇති හසිත වික‍්‍රමසිංහ මහතා රාත‍්‍රී 7.10 ට පමණ පොතුහැර නගරාසන්නයේදී වාහනයක් පසුකර යෑමට උත්සහ කර ඇති බවත්, එහිදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ඉදිරිකොටසෙහි යතුරුපැදිය ගැටී ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. අනතුරින් හිසට සිදු වූ බරපතල තුවාල සහිතව සිටි පොලිස් කොස්තාපල්වරයා ප‍්‍රදේශවාසීන් විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ගෙනැවිත් ඇති නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සති දෙකක කාලයක් තුළ, කුරුණෑගල පොලිස් කොට්ඨාශය තුළ සේවය කරමින් සිටි පොලිස් නිලධාරියෙකු මාර්ග අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර රාජකාරිය වසන් කර නිවසට බලා යමින් සිටියදී වැලි ලොරියක ගැටීමෙන් ගොකරැල්ල පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් පරීක්ෂකවරයෙකුද පසුගිය 17 වැනිදා රාත‍්‍රියේදී ජීවිතක්ෂයට පත්විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article