Friday, March 29, 2024

කාලික වකුගඩු අකරණිය හෙවත් නිහඩ මාරයා….?

Must read

(2017 මාර්තු 09 වන දිනට යෙදෙන ලෝක වකුගඩු දිනය නිමිත්තෙනි. )

unnamed

කාලික වකුගඩු අකරණිය යනු ක්‍රම ක්‍රමයෙන් කාලයත් සමග වකුගඩු ක්‍රියාකාරීත්වය පහළ බැසීමයි. මෙය වෛද්‍ය විද්‍යාත්මකව Chronic Kidney Disease (CKD) ලෙස හැදින්වේ. මෙහි විශේෂත්වය වන්නේ හානි වූ වකුගඩු ප්‍රතිකාර ක්‍රම මගින් නැවත ප්‍රකෘති තත්වයට පත්කිරීමට ඇති නොහැකියාවයි. ඉතා සෙමින් වසර ගණනාවක් පුරා සිදුවන මෙම වෘක්ක අඩපණවීම සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ නොපෙන්වයි. රෝග ලක්ෂණ පහල වන්නේ වකුගඩු වලින් 90%ක් පමණ අකර්මන්‍ය වූ පසුවයි. කාලික වකුගඩු රෝගය නිහඩ මාරයෙකු ලෙස ( Silent Killer) අන්තර්ජාතික වකුගඩු සංගමය හදුන්වන්නේ ඒ නිසයි.

බෝ නොවන රෝග අතරින් කාලික වකුගඩු අකරණිය ප්‍රධාන තැනක් ගනී. අද වන විට ලෝක ජනගහනයෙන් 10%කට මෙම තත්වය වැළදී ඇති බවට ගණනය කොට ඇත. මෙම තත්වය ආසියානු හා අප්‍රිකානු රටවල යුරෝපයට වඩා උග්‍රවේ. වයස්ගතවීමේදී ස්වභාවිකවම වකුගඩු වල ක්‍රියාකාරීත්වයේ යම් අඩුවීමක් දක්නට ලැබේ. වැඩිහිටි ජනගහනය තුල කාලික වකුගඩු අකරණිය වැඩි ප්‍රතිශතයකින් දක්නට ලැබේ. මෑතකදී කරන ලද සමීක්ෂණ වාර්ථා අනුව වයස අවුරුදු 65 – 74 අතර පිරිමින්ගෙන්  20%කටත්, කාන්තාවන්ගෙන් 25%කටත් මෙම තත්වය ඇති බවට පෙනී ගොස් ඇත. වයස අවුරුදු 75 ඉක්මවූවන්ගෙන් 50%කට කාලික වකුගඩු අකරණිය ඇති බවට මෙම වාර්ථා තවදුරටත් හෙලිකරයි. වසර 2010 වන විට ලෝක ජනගහනයෙන් මිලියන 2.6ක් තීව්‍ර වකුගඩු අකරණිය නිසා රුධිර කාන්දුකරණය ( Haemodialysis) ලබාගනිමින් සිට ඇත. මෙම සංඛ්‍යාව වසර 2030 වන විට මිලියන 5.4 දක්වා ඉහල යනු ඇති බවට අනුමාන කෙරේ.stone

ශ්‍රීලංකාවේ කාලික වකුගඩු අකරණිය සදහා බලපාන ප්‍රධානතම රෝග වන්නේ දියවැඩියාව,අධික රුධිර පීඩනය, මුත්‍රා අශ්‍රිත ගල්, වකුගඩු ප්‍රදාහය (Glomerulonephritis), වකුගඩු බහු -කෝෂ්ඨ (Polycystic Kidney Disease) රෝගය, මුත්‍රා ආසාදන, සහ උතුරුමැද ප්‍රදේශයෙන් මුලින් හදුනාගත් තවමත් නිශ්චිත හේතුවක් හදුනානොගත් වකුගඩු අකරණියයි. දියවැඩියාව හා අධි රුධිර පීඩනය නිසි ලෙස ආහාර,ව්‍යායාම සහ ඖෂධ මගින් පාලනය කර ගැනීමත්,වෛද්‍යවරුන් නියම කරන කාලවකවාණු වලදී වකුගඩු පරික්ෂා කර ගැනීමත් කාලික වකුගඩු රෝගය වැලදීම අවම කරගැනීමට උපකාරී වේ. වකුගඩු ප්‍රදාහ තත්වය මුත්‍රාගල් සහ මුත්‍රා ආසාදන වලට නිසි ලෙස රෝග විනිශ්චයකින් පසුව විශේෂිත වකුගඩු සායන මගින් ප්‍රථිකාර ලබා ගැනීම කල යුතුය. බහුකෝෂ්ඨ වකුගඩු රෝගය සහ අනෙකුත් ප්‍රවේණිගත වකුගඩු රෝග සදහාත් නියමිත සායන වලට සහභාගී වෙමින් නියමිත ප්‍රථිකාර දීර්ඝකාලීනව ලබා ගැනීම මගින් කාලික වකුගඩු අකරණිය තීව්‍රවීම වලක්වාගැනීමට හැකිවේ.URINARY-INFECTION-AN-IMPORTANT-KEDNEY-DISEASE

මෙවර ලෝක වකුගඩු දිනයේ තේමාව වී ඇත්තේ ” නිරෝගී වකුගඩු සදහා සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් “යන්නයි.මෙහිදී වැඩිපුර අවධානය මෙවර යොමුකරනු ලබන්නේ ශරීර ස්ථූලතාවය පිලිබදවයි. ස්ථූලතාවය යනු අසාමාන්‍ය ලෙස ශරීරයේ මේද පටක එක්රැස් වීමයි. 2014 වසර වන විට ලෝකය පුරා මිලියන 600ක් ස්ථූලභාවයෙන් පෙලෙමින් සිට ඇත. ස්ථූලතාවය කාලික වකුගඩු රෝගය වැලදීමේ ප්‍රවණතාවය වැඩිකරන බව තහවුරු වී ඇත. සමීක්ෂණ මගින් ස්ථූල පුද්ගලයින්ගේ කාලික වකුගඩු අකර්මන්‍යතාව වැලදීමේ සම්භාවීතාව ස්ථූලනොවන පුද්ගලයින්ට වඩා 83% කින් වැඩිබව තහවුරු වී ඇත. ස්ථූල දරුවන්ගේ වකුගඩු රෝග තීව්‍ර වීම ස්ථූල නොවන දරුවන්ට වඩා වැඩිය.  කාලික වකුගඩු රෝගයට ප්‍රධානතම හේතුකාරක වන දියවැඩියාව හා අධිරුධිර පීඩනය වැළදීමද තරබාරු බව නිසා වැඩිවේ. එහෙයින් ස්ථූලභාවය පාලනය කරගැනීමෙන් කාලික වකුගඩු රෝගය වැලදීමේ හැකියාව අඩුකරගත හැකි අතර දියවැඩියාව හා අධිරුධිර පීඩනය වැලදීමද අඩුවේ. මෙයට අමතරව ඉහත රෝගවල පාලනයද තරබාරුබව අඩුකිරීමෙන් ලගා කර ගැනීමට පුළුවන.outdoor_exercising_4ne61_eh84a

සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් සදහා නියමිත සමබල ආහාර වේලක් සහ ක්‍රියාශීලී දිවිපෙවෙතක් නිර්දේශ කෙරේ. මෙමගින් ඔබගේ ශරීර ස්කන්ධය නිසිපරිදි පවත්වාගත හැකි වන අතර දියවැඩියාව හා අධිරුධිර පීඩනය වැනි රෝග වැලදීමේ අවධානමද අඩුවේ. මෙවර ලෝක වකුගඩු දිනය වෙනුවෙන් ක්‍රියාශීලී දිවිපෙවෙතක් අප සමාජය තුල ව්‍යාප්ත කිරීම ප්‍රධාන අරමුණ වේ.

මේ සදහා විවිධ වූ ශරීරය ක්‍රියාකාරී වන එළිමහන් ක්‍රීඩාවල නිරත වීමද, නිරතුරුව ක්‍රියාශීලී වීමද සුදුසු වේ. මෙහිදී සේවා ස්ථාන වලදී මෙන්ම නිවසේදීද කඩිසර වීම සහ වේගයෙන් ගමන්කිරීමද නිර්දේශ ක හැක. එකම ස්ථානයේ එකම ඉරියව්වෙන් වාඩිවී සිටීම වලක්වාගත යුතුය. බයිසිකල් පැදීම,පිහිණීම,එළිමහනේ හැල්මේ දිවයාම ආදිය මැදිවියේ හා වැඩිහිටි පුද්ගලයන් හට ඉතාමත් යෝග්‍යය.

මින් ඔබ්බට යන්නාවූ තවත් කරුණු කිහිපයක් කෙරෙහිද අවධානය යොමු කෙරේ. එනම් වකුගඩු රෝග වැලදීමේ අවධානම වැඩි පුද්ගලයින් හදුනාගෙන් ඔවුන් වසරකට වරක් පරික්ෂාවන්ට භාජනය කිරීමෙන් ඔවුන්ගේ රෝග මූලික අවස්ථාවේදීම හදුනාගෙන ප්‍රථිකාර සදහා යොමු වීමයි. මෙම අවධානම් කාණ්ඩයට අයත්වන පුද්ගලයින් නම්

  1. සියළු දියවැඩියා රෝගීන්
  2. සියළු අධිරුධිර පීඩන රෝගීන්
  3. ලග ලේ ඥාතීන්ට වකුගඩු රෝගය ඇති පුද්ගලයින්
  4. දුම්පානය කරන්නන්
  5. වයස අවුරුදු 50 ඉක්මවූ සියළු දෙනා අයත් වේ.

වකුගඩු රැක ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග ලෙස අන්තර්ජාතික වකුගඩු සංවිධානය විසින් කරුණු 8ක් මෙවර ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් දක්වා ඇත. ඒවානම්

  1. රුධිර සීනි මට්ටම නිසි ලෙස පාලනය කර ගැනීම.
  2. රුධිර පීඩනය නිසි ලෙස පාලනය කර ගැනීම.
  3. ජලය හොදින් පානය කිරීම.
  4. දුම්පානය නොකිරිම.
  5. වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ භාවිතයෙන් වැලකීම.
  6. සමබල ආහාර අනුභවය මගින් ශරීර ස්කන්ධය නිසි පරිදි පවත්වාගෙන ස්ථූලභාවය වැලැක්වීම.
  7. ක්‍රියාශීලී දිවිපෙවෙතක් ගතකිරීම.
  8. ඉහත ඡේදයේ සදහන් කල අවදානම් පුද්ගලයින්ගේ වකුගඩු පරික්ෂාවට ලක්කිරීම.unnamed

ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් ” නිරෝගී වකුගඩු සදහා නිරෝගී දිවිපෙවෙතක්” යන තේමාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල මගින් 2017 මාර්තු මස 09 වන බ්‍රහස්පතින්දා දින විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. උදෑසන 8 සිට සවස 1 වනතුරු පවත්වන මෙම වැඩසටහනට වකුගඩු රෝග වලින් නොපෙලෙන පුද්ගලයන්ට තම වකුගඩු නොමිලේ පරික්ෂා කර ගැනීමට විවෘතව ආරාධනා කෙරේ. මෙහිදී ඔවුන්ව පූර්ණ වෛද්‍යපරික්ෂාවකට ලක්කෙරෙන අතර මුත්‍රා හා රුධිර පරික්ෂාවන් නොමිලේ සිදුකර නිර්දේශ ලබා දෙනු ඇත. මෙයට සමගාමීව විශේෂඥ දියවැඩියා සායනයක් හා පෝෂණවේදී සායනද පැවැත්වේ. තවද වකුගඩු බද්ධ කිරීම හා මොළය මියගිය පුද්ගලයන්ගේ අවයව රෝගීන් සදහා ප්‍රධානය කිරීම පිලිබදවත් විශේෂ දැනුවත්කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කිරීමද සැලසුම් කර ඇත.

ක්‍රියාශීලී දිවිපෙවෙතක් සදහා උපදෙස් සහ අධ්‍යාපනය එදින ලබාදීමටද  කටයුතු සියල්ල සූදානම් කර ඇති අතර විශේෂාංගයක් ලෙස ( Zumba ) සුම්බා නැටුම් ක්‍රමය හදුන්වා දීමටද කටයුතු සලසා ඇත. මෙම මහගු අවස්ථාවට සහභාගී වී අනාගතයේදී ශ්‍රීලංකාවේ වකුගඩු රෝග අවම කර ගැනීමේ ක්‍රියාවලියට සක්‍රීයව එක්වන ලෙස හා ඉන් අපේක්ෂිත ප්‍රයෝජන ලබා ගන්නා ලෙස මෙයින් ආරාධනය කෙරේ.unnamed

 

වෛද්‍ය චින්තන ගලහිටියාව
වකුගඩු රෝග පිලිබදව විශේෂඥ වෛද්‍ය
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article