Thursday, March 28, 2024

ජනපති මැදිහත්වීමෙන් වයඹ ආණ්ඩුකාරවරියට එරෙහි විශ්වාසභංග යෝජනාව විසිවෙයි !

Must read

Impeachment_1වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මිය එරෙහිව ආණ්ඩු පක්ෂය විසින් ගෙනඒමට නියමිතව තිබූ විශ්වාසභංග යොජනාව අද (07 ) දිනයේදී දිනයේදී සභාවට ඉදිරිපත් නොවන බව ඉතා විශ්වාසදායක තොරතුරු ඔස්සේ වයඹ ටුඩේ වෙබ් අඩවිය වෙත අනාවරණය වෙයි.

වයඹ ආණ්ඩුකාරවරිය සමග කටයුතු කිරීමේදී මතු වී තිබෙන ගැටලු පිළිබදව තමන් දිවයිනට පැමිණි වහාම විසදුමක් ලබාදෙන බවට මේ වන විට ඉන්දුනීසියාවේ නිල සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දුන් පොරොන්දුවකට අනුව ආණ්ඩුකාරවරියට එරෙහි විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත් නොකිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

UPDATE 

ආණ්ඩුකාරවරිය සමග කටයුතු කිරීමේදී මතු වී තිබෙන ගැටලු පිළිබදව තමන් දිවයිනට පැමිණි වහාම විසදුමක් ලබාදෙන බවට ඉන්දුනීසියාවේ නිල සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දුන් පොරොන්දුවකට අනුව වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මිය එරෙහිව වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය විසින් ගෙනඒමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම ඉදිරි දිනයකට කල්දමන බව වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා අද (07 දා) වයඹ පළාත් සභාවේදී පැවසීය.

අද පෙරවරු 9.30 ට පමණ වයඹ පළාත් සභාව රැස් වූ අතර සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමෙන් අනතුරුව පෙරවරු 11.05 ට පමණ තේ විවේකය සදහා සභාව කල්තබනු ලැබීය. තේ පානයෙන් පසුව වයඹ පළාත් සභාවේ සභාපති නිල කාමරයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හදිසි කණ්ඩායම් රැස්වීමක් කැදවා තිබූ අතර විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබදව මන්ත්‍රීවරුන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් වැඩිදෙනෙකු විසින් විශ්වාසභංග යෝජනාව ගෙන ආ යුතු බවට අදහස් දක්වා ඇති අතර ජනාධිපතිවරයා විසින් ලබා දී ඇති පොරොන්දුව මත එය මේ අවස්ථාවේදී ඉදිරිපත් නොකළ යුතු බවට තවත් මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු එහිදී ප්‍රකාශ කර තිබේ. පැයකට වැඩි කාලයක් තිස්සේ මේ සාකච්ඡාව පැවැත්වීම හේතුවෙන් වයඹ පළාත් සභාවේ කටයුතුද පැය දෙකක පමණ කාලයක් තිස්සේ නැවැතී තිබූ අතර අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් සභා ගැබෙහි අසුන් ගෙන සිටින අයුරු දැකගත හැකිවිය.

පස්වරු 1.05 ට පමණ වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා මහතා මූලසනාරෑඪවීමත් සමග සභාවේ කටයුතු යළි ආරම්භ විය. එහිදී සභාපතිවරයා විසින් හදිසි සහ අත්‍යවශ්‍ය ඉදිරිපත් කිරීම් යටතේ වයඹ පළාත් සභා මන්ත්‍රි සුමිත් රාජපක්ෂ මහතාගේ නම නිවේදනය කළ අතර ඒ සමග නැගී සිටි වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා අදහස් දක්වන්නට විය. සුමිත් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මිය එරෙහිව වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය විසින් ගෙනඒමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාව බව ප්‍රධාන අමාත්‍යවරයා එහිදී පැවසීය. ආණ්ඩුකාරවරිය විසින් එම ධුරයේ කටයුතු කරමින් සිටින ආකාරය පළාත් සභා ක්‍රමවේදයට නොගැලපෙන බැවින් ඊට එරෙහිව යෝජනාවක් සම්මත කර ජනාධිපතිවරයා වෙත යැවීම තම අරමුණ වූ බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. නමුත් අද උදෑසන විසින් ඉන්දුනිසීයාවේ සිට තමා ඇමැතූ ජනාධිපතිවරයා අදාල ගැටලුව පිළිබද සාකච්ඡා කර විසදුමක් ලබාදෙන බවට පොරාන්දු වූ බවද හෙතෙම පැවසීය. එම පොරොන්දුවට අනුව ජනාධිපතිතුමා කෙදිනක හෝ ලංකාවට පැමිණ තම ගැටලුව නිරාකරණය කර දෙන තෙක් ආණ්ඩුකාරවරියට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම කල්දැමීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කළ බවද හෙතෙම පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article