Friday, March 29, 2024

විශ්වාසභංගය ගෙනෙනවාද නැද්දැයි ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු හදිසි සාකච්ඡාවක

Must read

Impeachment_2වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහිව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිතව විශ්වාසභංග යොජනාව අද (07 ) දිනයේදී සභාවට ඉදිරිපත් කිරීම හෝ නොකිරීම පිළිබදව තීරණයකට එළැඹීම සදහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පැයකට වැඩි කාලයක් තිස්සේ හදිසි සාකච්ඡාවක යෙදී සිටිති.

අද පෙරවරු 11.05 ට පමණ තේ විවේකය සදහා සභාව කල්තැබුණු අතර තේ පානයෙන් පසුව සභාපති නිල කාමරයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හදිසි කණ්ඩායම් රැස්වීමක් ආරම්භ විය.විශ්වාසභංගය ඉදිරිපත් කළ යුතු බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් වැඩිදෙනෙකු එහිදී අදහස් දක්වා ඇති අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත එය මේ අවස්ථාවේදී ඉදිරිපත් නොකළ යුතු බවට තවත් මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු විසින් එහිදී ප්‍රකාශ කර තිබේ.

මේ හේතුවෙන් වයඹ පළාත් සභවේ කටයුතු මේ වන විට පැය දෙකක පමණ කාලයක් තිස්සේ නැවැතී ඇති අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් සභා ගැබෙහි අසුන් ගෙන සිටින අතර ආණ්ඩු පක්ෂයේ අසුන් හිස්ව පවතී.Impeachment_3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article