Friday, March 29, 2024

යතුරුපැදියකින් යමින් සිටි අයෙකු මහමගදී කපා කොටා මරා දමලා.

Must read

pannala_murder_8තම යතුරුපැදියේ නැගී මාර්ගයේ ගමන්කරමින් සිටි ඉබ්බාගමුව ප‍්‍රදේශයේ ගරාජ හිමියෙකු ඉබ්බාගමුව, පන්නල, කොස්ගහපිටිය ප‍්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා  ඊයේ (07 දා)රාත‍්‍රියේදී ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ දෙවට පාර, හංගමුව ලිපිනයේ පදිංචි ආර්. එම්. ඒකනායක නොහොත් අනුර නැමැති 41 හැවිරිදි දෙදරු පියෙකි.

ඇගලුම් කම්හලක සේවය කරන තම බිරිද කැදවාගෙන ඒම සදහා මෙම පුද්ගලයා ඔහුට අයත් යතුරුපැදියෙන් ඉබ්බාගමුව ප‍්‍රදේශයට යමින් සිට ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. ඊයේ රාත‍්‍රි 6.45 ට පමණ කඩුවක් සහ පිහියක් අතැතිව කොස්ගහපිටිය ප‍්‍රදේශයේදී මග රැකගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වංගුවක් සහිත ස්ථානයකදී මෙම පුද්ගලයාට එම ආයුධවලින් පහරදී තිබේ. එහිදී තුවාල ලැබූ ගරාජ හිමිකරුවා යතුරුපැදිය අත්හැර ඉදිරියට දිවගොස් ඇති අතර මීටර් කිහිපයක් දිවයාමේදී මාර්ගය අයිනේ පිහිටි කාණුවකට ඇද වැටී තිබේ. එම ස්ථානයට ගිය ඝාතකයින් බිම වැටී සිටි පුද්ගලයාට පිහි පහර සහ කඩු පහර විශාල ප‍්‍රමාණයක් එල්ල කර ඔහු කපාකොටා දමා එම ස්ථානයෙන් පලාගොස් තිබේ.

මෙම අපරාධය සිදු වූ ආකාරය ඒ අවට සිටි අය හෝ මාර්ගයේ ගමන් කළ කිසිවෙකුත් දැක නොතිබීමෙන් කැපුම් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගතකිරීමට නොහැකි වී ඇත. තම සැමියාගේ පැමිණීම ප‍්‍රමාද වූ හෙයින් ත‍්‍රිරෝද රථයකින් නිවස වෙත යමින් සිටි මියගිය පුද්ගලයාගේ බිරිද ඔහුගේ යතුරුපැදිය මාර්ගය අයිනේ තිබෙන අයුරු දැක ඒ පිළිබද විමසිලිමත්වීමේදී කාණුවකට වැටී තිබූ සැමියාගේ මළ සිරුර දැක තිබේ. මියගිය පුද්ගලයාගේ සිරුර පුරා කැපුම් තුවාල ගණනාවක් දැකගත හැකි වූ අතර අත පය වෙන්වන අයුරින් කඩු පහරවල් වැදී තිබූ අයුරු මෙන්ම අධික ලෙස රුධිරය ගලාගොස් තිබූ අයුරුද දැකගත හැකි විය.

අද  (08 දා ) උදෑසන අපරාධය සිදු වූ ස්ථානයට පැමිණි කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා සිද්ධිය පිළිබද ස්ථානීය පරීක්ෂණය පැවැත් වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා දේහය කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යවන ලෙසට එහිදී නියම කළේය. පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි සැකකෙරෙන අතර මෙම පුද්ගලයා ඝාතනය කිරීමෙන් පසු අපරාධකරුවන් ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය කියයි. ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.
pannala_murder_1 pannala_murder_2 pannala_murder_3 pannala_murder_4 pannala_murder_5 pannala_murder_6 pannala_murder_7

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article