Saturday, April 20, 2024

‘‘ මගෙන් වරදක් සිදු වී නැහැ ! ’’ අධ්‍යාපන අධ්‍යක්ෂ අර්බුදය ගැන ආණ්ඩුකාර පියසීලි පළමුවරට මාධ්‍යට කතා කරයි.

Must read

amara_piaseeliවයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පත්කිරීමේදී තමන් කටයුතු කළේ පවතින නීතිය අනුව බැවින් එහිදී වරදක් සිදු වී ඇතැයි තම හෘද සාක්ෂියට අනුව නොහැගෙන බවත් වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය පෙරේදා  (15 දා) පැවසුවාය.

කුරුණෑගල, වැවරවුමේ පිහිටි ආණ්ඩුකාර නිල නිවසේදී ආණ්ඩුකාරවරිය ඊයේ මෙලෙස ප‍්‍රකාශ කළේ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පත්කිරීමේදී මතුව ඇති ගැටඵකාරී තත්වය පිළිබදව මාධ්‍ය වෙත පළමුවරට අදහස් දක්වමිනි.

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර පුරප්පාඩුවීමත් සමග 2003 වසරේදී නිකුත් කළ ගැසට් නිවේදනය පදනම් කරගනිමින් සහ නීතිපති උපදෙස් අනුව ඒ සදහා සුදුසු නිලධාරියෙකු පත්කිරීමේ ක‍්‍රමවේදයක් සකස්කිරීමට තමන් විසින් කටයුතු කළ බව ඕ මෙහිදී කීවාය. අදාළ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සදහා තමන් විසින් වයඹ පළාත් සභාවේ නියෝජිතයෙකු නම් කර යැව්වේ ඒ අනුව බවත්, මීට පෙර සබරගමුව සහ බස්නාහිර පළාත් සභාවන් විසින්ද එම ක‍්‍රමවේදය අනුව නිලධාරින් පත්කර තිබූ බවද ඕ කීවාය.

ආණ්ඩුකාරවරිය ලෙස තම හැසිරීම හොද නැති බවට වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් කර ඇති ප‍්‍රකාශයක් පිළිබදව තමන් කණගාටුවන බවද ආණ්ඩුකාරවරියා මෙහිදී පැවසීය. වසර දාසයක් තිස්සේ ගුරුවරියක ලෙසත්, අවුරුදු තිස් තුනක් දේශපාලන ක්ෂේත‍්‍රය තුළත් කටයුතු කළ තමන්ට කිසිදු විදුහල්පතිවරයෙකු, නිලධාරියෙකු හෝ දේශපාලන නායකයෙකු එලෙස චෝදනා කර නැති බවත්, දේශපාලන එදිරිවාදියෙකු හෝ කිසිදිනෙක තමන්ට එවැනි චෝදනාවක් එල්ල කර නැති බවද ඕ කීවාය. තමන් වයඹ ආණ්ඩුකාර තනතුරට පත් වූ දා සිට කිසිදු දේශපාලන භේදයකින් තොරව,පළාතේ ජනතාව වෙනුවෙන් අපක්ෂපාතිව තම සේවය ඉටුකළ බවත්, හෘද සාක්ෂියට එකගව තමන් විසින් වැරැද්දක් කර නැති බවත්, සිදුකර ඇත්තේ නීතියට අනුව වැඩ කිරීම පමණක් බවද පැවසයී. වයඹ වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙස පත්කළේ වයඹ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් තමා වෙත නම් කර එවූ නිලධාරියා බවත්, තමන් දේශපාලනිකව සිතාබලා තීන්දු තීරණ ගන්නේ නම් වයඹ අධ්‍යාපන අමාත්‍යවරයාගේ එම පත්කිරීමද අනුමත නොකර සිටීමට තමන්ට හැකියාව තිබූ බවද පැවසුවාය.

උද්ගත වී ඇතිගැටලුකාරී තත්වය නිරාකරණය වන තෙක් වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට පත්කෙරුණු සිරිමෙවන් පොඩිනිළමේ මහතාගේ පත්වීම අත්හිටුවීමට තමන්ට සිදු වූ බවත්, ඒ පිළිබදව තමන් කණගාටුවන බවද ආණ්ඩුකාර අමරා පියසීලි මහත්මිය මෙහිදී කීවාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article