Thursday, March 28, 2024

ඉබ්බාගමුව සංවර්ධන කමිටුවේදී සම සභාපති කමල් ඉන්දික රාජ්‍ය නිලධාරින් එක්ක පැටලෙයි !

Must read


ayg_2017_3_17

අධ්‍යාපන අධ්‍යක්ෂ සම්මුඛ පරීක්ෂණයේ බාලගිරි දෝසය නිමයි !

වයඹ පළාත් සභාවේ නියෝජිත ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ටී. බී. වික‍්‍රමසිංහ හදිසියේ රෝහල් ගතවීම හේතුවෙන් අවලංගු කෙරුණු, වයඹ අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට නිලධාරියෙකු පත්කිරීම සදහා වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය දෙවැනි වරටත් රැස්වන්නට දින නියම කරගෙන තිබුණේ පසුගිය බදාදාය. ලේකම් වික‍්‍රමසිංහගේ හදිසි ලෙඩවීමෙන් ඇති වූ අලකංලචිය හේතුවෙන් හෙතෙම එම වගකීමෙන් නිදහස් කර, වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් පද්මිණී කාරියවසම් ඒ වෙනුවට නම් කර යැවීමට ආණ්ඩුකාර පියසීලි විසින් වගබලාගෙන තිබිණි. කොට්ටය මාරු කිරීමෙන් හෝ ආණ්ඩුකාරවරියගේ හිසරදය සුව නොවූ බව පසක් කරවමින් බදදා පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණයටද දෙවැනි වතාවටත් කණ කොකා හඩා තිබිණි. ඒ එදින රැස්වෙන සම්මුඛ පරීක්ෂණය මණ්ඩලය සදහා ලේකම් පද්මිණි කාරියවසම් සහභාගි කළ නොහැකි බව දන්වමින් වයඹ ප‍්‍රධාන ලේකම් පී. බී. එම්. සිරිසේන විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත කළ ලිඛිත දැනුම්දීමක් හේතුවෙනි. රේඛීය අමාත්‍යංශය විසින් පත්කෙරෙන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට පළාත් නිලධාරින් සහභාගි නොකිරීම සදහා වයඹ පළාත් සභාවේ කැබිනට් මණ්ඩලය විසින් තීන්දුවක් ගෙන ඇති බැවින් ලේකම් කාරියවසම් ඊට සහභාගි කරවිය නොහැකි බව ප‍්‍රධාන ලේකම් සිරිසේන විසින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වෙත දන්වා යවා තිබිණි. වයඹ පළාත් සභාවේ එම තීරණයත් සමග පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරය වෙනුවෙන් එදින පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණයද ඊට පසුදින දක්වා නැවත කල්ගියේය. බ‍්‍රහස්පතින්දා පැවැති සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට පළාත් සභාවේ නියෝජිතයා වශයෙන් ආණ්ඩුකාර ලේකම් නයනා කාරියවසම් සහභාගි කරවීමට ආණ්ඩුකාර පියසීලි විසින් කටයුතු කර තිබිණි. ඒ අනුව එතෙක් පැවැති තිබූ බාලගිරි දෝෂය අවසන් කරවමින් වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට නිලධාරියෙකු පත්කිරීම වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණය එදින පැවැත්විණි. එම සම්මුඛ පරීක්ෂණයේ ප‍්‍රතිඵල අනුව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරය සදහා සුදුස්සෙකු නම් කරමින් , තම නිර්දේශය ආණ්ඩුකාරවරිය වෙත දන්වා එවීමට ඉකුත් සදුදා වනවිට රාජ්‍ය සේවා කොමිසම විසින් කටයුතු කර තිබිණි. එම නිර්දේශයත් සමග නව අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු එම තනතුරට පත්වී ගැටලුව විසදෙන ඇතැයි පළාත් සභාවේ නිලධාරිහු සිතු නමුත් පහළ වී තිබූ නමුත් එසේ සිදු නොවීය.

පළාත් අධ්‍යක්ෂකට එරෙහිව අධ්‍යාපන ඇමැති උසාවි යයි.

රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශය එලෙස නිකුත්වෙද්දී වයඹ අධ්‍යාපන ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ ඊට එරෙහිව තවත් සටනක් ආරම්භ කළේ පසුගිය සදුදාය. සිය නීතිඥයින් කැද වූ ඇමැති සන්ධ්‍ය වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පත්කිරීමේ ක‍්‍රමවේදයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට එදින පියවර ගත්තේය. ඇමැති සන්ධ්‍ය විසින් ගොනුකළ මෙම පෙත්සමෙන් අධ්‍යාපන අමාත්‍යවරයා, ආණ්ඩුකාරවරිය, රාජ්‍ය සේවා කොමිසම ඇතුලු විසිදෙනකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි. ඒ පිළිබදව හාංකවිසියක් හෝ නොදැන සිටි ආණ්ඩුකාර පියසීලි තමා වෙත ලැබී තිබූ රාජ්‍ය සේවා කොමිසම නිර්දේශය පදනම් කරගනිමින් වයඹ පළාත් නව අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙස සිරිමෙවන් පොඩිනිළමේ පත්කිරීමට පසුගිය අගහරුවාදා උදෑසන පියවර ගෙන තිබිණි. ඒ අනුව අගහරුවාදා උදෑසන වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත පැමිණි සිරිමෙවන් පොඩිනිළමේ සිය නව තනතුරේ රාජකාරි රාජකාරි ආරම්භ කළ නමුත් ඔහුට එම පුටුවේ වාඩි වී සිටින්නට ලැබුණේ පැය එකහමාරකට ආසන්න කාලයක් පමණි. සිරිමෙවන් එම තනතුරට පත්කළ ආණ්ඩුකාර පියසීලී පියසීලි විසින්ම එම පත්කිරීම අත්හිටුවමින් නැවත ලිපියක් නිකුත් කිරීම ඊට හේතුවිය. ඇමැති සන්ධ්‍ය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පැවරීමත් සමග උද්ගත වූ තත්වය පිළිබදව ජනපතිවරයා සමග කළ සාකච්ඡාවකින් පසුව අදාළ ගැටඵව නිරාකරණය වන තෙක් එම පත්වීම අත්හිටුවන්නට ආණ්ඩුකාර විසින් පියසීලි පියවර ගෙන තිබිණි.

රිදීගම ප‍්‍රාදේශිය සභාව අනුන්ගේ ඉඩම්වල කඩ හදලාලු !

රිදීගම ප‍්‍රාදේශීය සභාව විසින් සිදුකෙරුණු සංවර්ධන කටයුතු කිහිපයක් ජනතා අයිතියට පත්කිරීම සිදුකෙරුණේ පසුගිය සිකුරාදාය. රිදීගම නගර මධ්‍යයේ අභිනවයෙන් ඉදිකෙරුණු වෙළද සංකීර්ණය සහ ආදාහනාගාරය විවෘත කිරීමත් නවීකරණය කෙරුණු ඔරලෝසු කණුව සහ මැඩියාව පොදු ළිද විවෘත කිරීමත් එදින සිදුවිය. උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමට නියමිතව සිටියේ මහ ඇමැති ධර්මසිරි වුවත්, හෙතෙම එදින උදෑසනින්ම ජනපති හමුවීමට කොළඹ ගොස් තිබූ බැවින් උත්සවයට සහභාගි නොවීය. එජාපය නියෝජනය කරමින් පළාත් සභා මන්ත‍්‍රී එම්. එස්. පෙරේරාත්, ශ‍්‍රීලනිපය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ආර්.ඩී. විමලදාස සහ නිමල් විජේසිංහත් විවෘත කිරීම් සදහා එක් වී සිටියහ. රිදීගම ආදාහනාගාරය විවෘත කිරීමෙන් පසුව එහි ක‍්‍රියාකාරිත්වය සහ නිමාව පිළිබදව විමසා බලන්නටද ආරාධිතයින් අමතක නොකළහ. හිටපු මන්ත‍්‍රී ආර්.ඩී. විමලදාස තමන් ළගින් සිටි රිදීගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක ලයනල් චන්ද්‍රවංශ අල්ලා ගත්තේ ආදාහනාගාර පෝරණුව අසලදීය. ‘‘මොකද කියන්නේ. දාමු නේද ඇතුලට ? ’’විමලදාස චන්ද්‍රවංශගේ දෑතින් අල්ලාගෙන අනෙක් පිරිසගෙන් විමසීය. ‘‘මෙයා නම් ඇතුළට දාන්න බැරිවෙයි මන්ත‍්‍රීතුමා. කකුල් දෙක දෙපැත්තේ නිසා කටේ හිරවෙයි.’’පිරිස අතරේ සිටි අයෙක් කීය. පිරිස අන්තිමට ආවේ රිදීගම ලොරි නැවතුම්පොළ භූමියෙහි අලුතින් ඉදිකෙරුණු වෙළද සංකීර්ණය විවෘත කිරීමටය. පීත්ත පටිය කපා භූමිය විවෘත වූ නමුත් වෙළද සංකීර්ණයේ පිහිටි එකම වෙළදසැලක් හෝ විවෘත නොවීම කාගේත් විමතියට හේතු වී තිබිණි. ඇදිරි නීතිය පැනවූ කලෙක මෙන් වෙළද සංකීර්ණයේ පිහිටි වෙළදසැල් සියල්ලටම ඉබි යතුරු ලා වසා දමා තිබිණි. වෙළද සංකීර්ණය ඉදි වූ ඉඩමෙහි අයිතිය ඇත්තේ රිදීගම දිසා රෝහලටවීමත්, එහි ඉදිකිරීම් සිදුකර ඇත්තේ ඉඩමේ අයිතිය ප‍්‍රාදේශීය සභාව වෙත පවරාගැනීමකින් හෝ නීත්‍යානුකූලභාවයක් ලබාගැනීමකින් තොරව බවත් තැනිත් තැන කියැවෙනු ඇසිණි. අදාළ වෙළදසැල් ටෙන්ඩර් කිරීම මීට දෙමසකට පමණ ඉහතදී රිදීගම ප‍්‍රාදේශීය සභාව විසින් ආරම්භ කළ නමුත් මේ වනවිටත් අලෙවි වී ඇත්තේ කඩ දෙකක් පමණක්වීම හේතුවෙන් එදින විවෘත කරන්නට තරම් වෙළදසැළක් නොවූ බවද තතු දත් අය කියති.

ඉබ්බාගමුව සංවර්ධන කමිටුවෙන් කමල් ඉන්දික නැගිට යයි.

ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ ඇතිවී තිබෙන හැල හැප්පීම් පිළිබදව අඵ යට ගිනි පිටුවෙන් පළමුවරට හෙළිකෙරුණේ ඉකුත් වසරේ මැයි මාසයේදීය. මෙතෙක් කාලයක් තිස්සේ තිරය පිටුපස සිදුවෙමින් පැවැති එවැනි හැල හැප්පීම් එළියට පැන්නේ පසුගිය සදුදා පැවැති සංවර්ධන කමිටු රැස්වීමේදීය. ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති ජගත් යාපාගේ ප‍්‍රධානත්වයෙන් සංවර්ධන කමිටු රැස්වීම ආරම්භ වූ අතර සම සභාපති කමල් ඉන්දික රැස්වීමට ආවේ තරමක් පමාවකින් පසුවය. කමිටුවේ අසුන්ගත් කමල්, ග‍්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති වැඩසටහනට තමන් විසින් නම්කර එවූ යෝජනා තිස් අටක් ඇතුළත් නොවීම පිළිබදව මැසිවිලි නගන්නට විය. කමල් ඉන්දික විසින් ආර්ථික සංවර්ධන නිලධාරින්ටද දෝෂාරෝපණ එල්ල කරන්නටවීමෙන් කමිටු රැස්වීම උණුසුම් වී ගියේය. කමල් ඉන්දිකගේ චෝදනා පිළිබද ප‍්‍රතිචාර දැක් වූ නිලධාරින් කීවේ තම රාජකාරිය නිවැරදිව කර ඇති බවත්, කමල් විසින් ඉදිරිපත් කරන යෝජනා ඒ ඒ ග‍්‍රාමසේවා වසම්වල ජන සභාවලදී දෙවරක්ම ප‍්‍රතික්ෂේප වූ ඒවා බවය. ‘‘අපි නිලධාරින් විදිහට ගම්වලට ගිහින් තමයි ව්‍යාපෘති යෝජනා තෝරගෙන තියෙන්නේ. ඒ ගම්වල ජන සභා රැස්කරලා, ගමේ මිනිස්සුන්ගේ කැමැත්ත ඇතිව තමයි යෝජනා සකස්කරලා තියෙන්නේ. ඒවාට පිටින් අපිට වෙනත් යෝජනා ඇතුලත් කරන්න බැහැ.’’ නිලධාරියෙක් කීය. එම නිලධාරියාගේ කරුණු දැක්වීම කමල් ඉන්දික කෝප ගැන්වීය. ‘‘ඔයා කඩේ යන්නේ කාටද කියලා මම දන්නවා. එක එක්කෙනාට කඩේ යන්න ලෑස්ති වෙන්න එපා.’කමල් ඉන්දික කීවේය. ‘‘එහෙම කතා කරන්න එපා මන්ත‍්‍රීතුමා. අපි රාජ්‍ය නිලධාරින්. අපි කිසිම කෙනෙකුට කඩේ යන්නේ නැහැ. අපි අපේ රාජකාරිය හරියට කරලා තියෙනවා. ’’නිලධාරියාද කීය. දෙපාර්ශ්වයෙන් නැගුණු වචන හුවමාරුවත් සමග සභාව රත්වෙමින් තිබියදී නැගී සිටි තවත් නිලධාරියෙකු අදහස් දක්වන්නට විය. ‘‘ඔබතුමාලට ඕන විදිහට සංවර්ධන යෝජනා වෙනස් කරන්න කියලා අපිට බලපෑම් කරන්න එපා. දේශපාලන අධිකාරිය සම්බන්ධ කරගෙන සංවර්ධන යෝජනා හදන්න කියලා අපට නිකුත් කරලා තියෙන චක‍්‍රලේඛයේ කිසිම තැනක කිසිම තැනක සදහන් වෙලා නැහැ. ’’නිලධාරියාගේ අදහස් දැක්වීම කමල් ඉන්දික තවත් කෝප කරවන්නට සමත් වූ බව පෙණිනි. ‘‘හරි, හරි, ඒක මම දන්නවා. ඔයා මට ඒවා කියලා දෙන්න ඕනෑ නැහැ. ඉදගන්න. ’’කමල් ඉන්දිකගේ දැඩි ප‍්‍රතිචාරයක් සමග සභාව තව තවත් නොසුන්සුන් වී ගියේය. ‘‘මෙතැන ඔක්කොම එකතුවෙලා මට විරුද්ධව බලවේග හදලා. නිලධාරිනුත් එක පැත්තක් අරගෙන වැඩකරනවා. මීට කලින් මෙහෙම ප‍්‍රශ්න තිබුණේ නැහැ. මේ අවුරුදු දෙකේ තමයි සම්බන්ධීකරණ කමිටුවේ මෙහෙම ප‍්‍රශ්න ඇති වුණේ. පහුගිය අවුරුද්දේ කරපු ව්‍යාපෘතිවලත් ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. මම වෙච්චර කාලයක් ඒවා ගැන කතා කළේ නැහැ. ඔය එක යෝජනාවකටවත් මම නම් අස්සන් කරන්නේ නැහැ. බලමුකෝ කොහොමද කරන්නේ කියලා. මම මේ ගැන දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදි කතා කරනවා. “යැයි කියූ කමල් ඉන්දික තම අත තිබූ ලිපි ගොනු ටිකද අතට ගෙන රැස්වීමෙන් නැගිට ගියේය.

වයඹ අඵ යට ගිනි –  2017 මාර්තු 16 වැනි බ‍්‍රහස්පතින්දා 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article