Wednesday, April 24, 2024

රියදුරු බිමට ඇද දමා මහමගදී කොල්ල කෑ වෑන් රථයක් මාවතගම නිවසක සගවා තිබියදී අල්ලයි !

Must read

ridigama_van_robbery_1මහමග ධාවනය වෙමින් තිබියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කොල්ලකා පලාගිය බව කියන රුපියල් ලක්ෂ විසි පහකට අධික වටිනාකමකින් යුත් වෑන් රථයක් මාවතගම ප‍්‍රදේශයේ නිවසක සගවා තිබියදී අත්අඩංගුවට ගත් බව රිදීගම පොලිසිය කියයි.

තමන් විසින් ධාවනය කරමින් සිටි තම ඥාතියෙකුට අයත් නිසාන් කැරවන් වර්ගයේ වෑන් රථයක් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කොල්ල කා පලාගිය බවට ඉබ්බාගමුව, හේනේගෙදර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් ඉකුත් 14 වැනිදා රිදීගම පොලිසිය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදුකළ නිලධාරිහු මෙම වෑන් රථය සොයාගෙන අත්අඩංගුවට ගත්හ. තම බිරිදට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම සදහා මහනුවර ප‍්‍රදේශයට ගොස් කවිසිගමුව – පරගහදෙණිය මාර්ගය ඔස්සේ ආපසු නිවස කරා එමින් සිටි බවත් , උදලුපොල විහාරස්ථානය අසලදී යතුරුපැදියකින් පැමිණ මග හරස් කර නැවැතූ දෙදෙනෙකු විසින් රියදුරු අසුනේ සිටි තමන් සහ ඉදිරි අසුනේ සිටි බිරිද බිමට ඇද දමා වෑන් රථය කොල්ල කා පලාගිය බවටත් අදාල පුද්ගලයා පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිස් නිලධාරිහු වෑන් රථය කොල්ලකෑමට පැමිණි බව කියන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කර ඇති අතර ඔහුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත මාවතගම, සාමෝදය මාවතේ පිහිටි නිවසක සගවා තිබූ වෑන් රථයද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙතෙම ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට රම්බඩගල්ල මහෙස්ත‍්‍රාත් රම්බඩගල්ල මහේස්ත‍්‍රාත් ජී. එන්. ප‍්‍රියදර්ශණී මහත්මිය මහත්මිය නියෝග කළාය. වෑන් රථය කොල්ල කෑමට පැමිණි අනෙක් පුද්ගලයා සොයා පොලිස් මෙහෙයුම් අරඹා ඇති අතර කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. එම්. සෝමරත්න සහ කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි කසුන් ජයසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත රිදීගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. සී. පී. කුමාරසිංහ මහතාගේ සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ඒ. ඩී. යූ. කේ. ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් පේ‍්‍රමරත්න (33726) , පොලිස් කොස්තාපල් දිසානායක (54369), මුතුකුමාරණ (78088) සහ වීරකෝන් (56515) යන නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගත් වෑන් රථය

ridigama_van_robbery_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article