Saturday, April 20, 2024

“තිරසර ලංකා “ ජාතික මංගල්‍යයේ නිල වෙබ් අඩවිය එළි දක්වයි

Must read

DSCN4346ලබන මාර්තු 31 සිට අප්‍රේල්  4 දක්වා  බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේදී පැවැත්වීමට නියමිත “තිරසර ලංකා “ ජාතික මංගල්‍යයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම  පසුගියදා සිදුකෙරිණ. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ සහ ජනාධිපති කාර්යාලයේ උපාය මාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනයේ සභාපති අශෝක අභයගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී  www.thirasaralanka.com නම් වන මෙම නිල වෙබ් අඩවිය එළිදැක්වීම සිදු කෙරින.

ගරු ජනාධිපති මෛත්‍රිපාල  සිරිසේන  මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වස විස නැති රටක් තුන් අවුරුදු සැලැස්මට   සහ එක්සත් ජාතීන්ගේ  විසින් තිරසර සංවර්ධනය සඳහා ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක වලට සමගාමීව පැවැත්වෙන තිරසර ලංකා  –  ජාතික මංගල්‍යය  2017 මාර්තු 31 සිට අප්‍රේල් 01 02 03 04 දිනයන්හි  පෙරවරු 9.00 සිට රාත්‍රි 10.00 දක්වා  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ  ශාලා භූමියේදි පැවැත්වීමට නියමිතයි.

2015 වසරේ සැප්තැම්බර්  මාසයේ පැවති  එක්සත් ජාතීන්ගේ  තිරසර සංවර්ධනය පිළිබඳ මහ සමුළුවේදී ප්‍රකාශයට පත්කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක වන දුප්පත්කම, ගොවිතැන, සෞඛ්‍ය, අධ්‍යාපනය, කාන්තාවන්ට සැලකීම, ජලය, බලශක්තිය, රැකියා, කර්මාන්ත, ඇති නැති පරතරය, ජනාවාස, පරිභෝජනය, දේශගුණික විපර්යාසය, සාගර, ජෛව විවිධත්වය, සාමය සහ පොදු වැඩපිළිවෙලක් සැකසීම යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි  තිරසර ලංකා ජාතික මංගල්‍යය පැවැත්වීමට නියමිතය.  එක් එක් අමාත්‍යංශ  සහ විවිධ ආයතන විසින් ඉහත සඳහන් එම ඉලක්ක සඳහා වන සිය ක්‍රියාවලිය විදහා දැක්වෙන ආකාරයට ප්‍රදර්ශණ කුටි සැකසීමට නියමිතව ඇත.

ප්‍රදර්ශනයේ දින 5  එක්සත් ජාතින්ගේ තිරසර සංවර්ධන ඉලක්ක වලට වෙන් කර ඇති අතර ඒ එක් එක්දිනය සඳහා වෙන්වූ  තේමාවන් ද විවිධ වෙයි. මේ අනුව  පළමු දිනය  “යහපත් දිවියක්“ යන තේමාව යටතේ  පැවැත්වෙන අතර ඊට අයත් වන්නේ  නිරෝගී ජනතාවක්, ගැහැණු පිරිමි භේදයක් නැහැ  සහ සකසුරුවම් පුරවැසියෙක් යන එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන් ය.  මෙහි දෙවන “ තිරසර ජීවනෝපායක්“ යන තේමාව යටතේ පැවැත්වෙන අතර  , දුප්පතුන් නැති ලෝකයක්,  හරිත රැකියා සහ  තිරසර කර්මාන්ත යන තිරසර සංවර්ධන ඉලක්ක සඳහා එදින

ප්‍රමුඛත්වය ලබාදෙයි.   ප්‍රදර්ශණයේ තුන්වන දිනය “ සොබාදහමට ඉඩක්“ යන තේමාව යටතේ  වස විස නැති ආහාර, පිරිසිදු වතුර,     දේශගුණය රැකෙන මගක්, ජීවීන්ටත් සාධාරණ ඉඩක් සහ වස විස නැති මහ මුහුදක් යන  සංවර්ධන ඉලක්ක  අනුව පැවැත්වෙනු ඇත.  සිව්වන දිනය දිනය “හොඳ අත්තිවාරමක්“ යන තේමාවෙන් දැනුවත් සමාජයක්, හරිත බලශක්තිය ,    එක්ව පෙරට යන  තිරසර සංවර්ධන ඉලක්ක වලට අනුව පැවැත්වෙයි.  මෙහි අවසන් දිනයේ තේමාව වන්නේ  “යහපත් සමාජයක්“යන්නයි. සම සමාජයක්,  තිරසර පුරවර,  සාධාරණ සමාජයක් යන තිරසර සංවර්ධන ඉලක්ක එදින ආවරණය කෙරේ.

මීට අමතරව තිරසර ලංකා – ජාතික මංගල්‍යය තුළ ගැමි රඟ මඩල නමින්  ජන සංස්කෘතිකාංග රැසක් එළිදැක්වෙන සංස්කෘතික ප්‍රසංග මාලාවක් දින 5 පුරාම පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. දිවයිනේ සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන එක්ව  පවත්වන මාධ්‍ය කලාපයක්ද මෙම භූමියේ ක්‍රියාත්මක අතර එහි සිට සජීවි වැඩසටහන් රැසක් ඉදිරිපත් කිරීමට නියමිතය. තවද කුඩා දරුවන් වෙනුවෙන් චිත්‍ර තරඟ ඇතුළු ඉසව් ගණනාවක් මෙම භූමියේ පැවැත්වෙයි. අංගම් පොර සංදර්ශන, වස විස නැති සූප ශාස්ත්‍ර වැඩසටහන්, සෞඛ්‍ය සායන,  හරිත රැකියා පොළ, හරිත ව්‍යවසායකත්ව අත්වැල, පර්යේෂණ ලිපි එළිදැක්වීම,නව නිර්මාණ ප්‍රදර්ශණ, සංවාද, චිත්‍රපට ප්‍රදර්ශන, ගොවි හමුව, පාරිභෝගික පැමිණිලි සඳහා විසඳුම්, ශාරීරික සුවතා වැඩසටහන්,  සහ  විද්වත් කතිකා  ද “තිරසර ලංකා “ ජාතික මංගල්‍යයට සමගාමීව පැවැත්වෙයි.

පුද්ගලික සමාගම්, සුළු ව්‍යාපාරිකයන්, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජාපාදක සංවිධාන, සමූපාකාර සමිති, විද්‍යාඥයින්, නිර්මාණකරුවන්, පර්යේෂකයන්, කලාකරුවන්, ජනමාධ්‍යවේදින්, පාසැල් දරුවන්, තරුණයන්, ගොවි ජනතාව ගේ  සහභාගිත්වයෙන්  “තිරසර ලංකා “ ජාතික මංගල්‍යය පැවැත්වෙයි.  ඇතුළුවීම සඳහා කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව නොමිලේ පැවැත්වෙන “තිරසර ලංකා“ – ජාතික මංගල්‍යය තිරසර අනාගත ශ්‍රී ලංකාවක සිහින දකින සියලු දෙනා වෙනුවෙන් විවෘත ය.

 

 

 

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article