Friday, April 19, 2024

එල්ටීටීඊය වළ දැමූ අතීතය නාවික හමුදාවෙන් ගොඩ ගනී !

Must read

ltte_bombs_1එල්ටීටීඊ සාමාජිකයින් විසින් මන්නාරම, පාප්පමොටෙයි ප‍්‍රදේශයේ කැලෑබද පෙදෙසක වළ දමා සගවා තිබු බවට සැකකෙරෙන බෝම්බ සහ මෝටාර් උණ්ඩ ඇතුලු අවිආයුධ තොගයක් ආරක්ෂක අංශ විසින් අද (23 දා) ගොඩට ගනු ලැබීය.

වන්නි ගුවන් හමුදා කදවුරු බුද්ධි අංශ නිලධාරින් විසින් අනාවරණය කරගත් තොරතුරක් මත මෙම ආයුධ තොගය සොයාගත් බව ආරක්ෂක අංශ කියයි. වවුනියාව කුරුක්කල්පුදුකුලම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ බෝම්බ නිශ්ක‍්‍රීය අංශය විසින් පුපුරණ ද්‍රව්‍ය තොගය ගොඩ ගනු ලැබීය.

මෝටාර් උණ්ඩ, බිම් බෝම්බ සහ එල්ටීටීඊය විසින් නිෂ්පාදිත අත් බෝම්බ ඇතුලු පුපුරණ ද්‍රව්‍ය රැසක් එහිදී ගොඩට ගැණිනි.

අධිකරණ නියෝගයක් ලබාගැනීමෙන් පසුව මෙම අවිආයුධ තොගය නිශ්ක‍්‍රීය කිරීමට නියමිත බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

වවුනියාව – මාධව කුලසූරිය.ltte_bombs_2
ltte_bombs_3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article