Thursday, April 25, 2024

කටුනායක ගුවන් ධාවන පථය ලබන 06 වැනිදා විවෘත වෙයි.

Must read

airport_ashok_1නවීකරණය කෙරුණු කටුනායක ගුවන් තොටුපලේ ධාවන පථය ලබන 06 වැනිදා විවෘත කරන බව ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30 දා) කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදීය.

1986 වසරේදී ඉදිකෙරුණු කටුනායක ගුවන් ධාවන පථය කිසිදු නවීකරණයකට ලක් නොකරමින් වසර තිහකට වැඩි කාලයක් තිස්සේ භාවිතා කරමින් තිබූ බව ඇමැතිවරයා පැවසීය. මේ හේතුවෙන් කටුනායක ධාවන පථයට ගුවන් යානා ගොඩබැස්සවීම 2017 වසරේ සිට අත්හිටුවීමට සිදුවන බව ජාත්‍යන්තර ගුවන් පාලක සංගමය විසින් නිවේදනය තිබූ බවද හෙතෙම පැවසීය. මේ පිළිබදව අවධානය යොමුකළ රජය කටුනායක ගුවන් ධාවන පථය නවීකරණය කිරීම පසුගිය ජනවාරි 05 වැනිදා ආරම්භ කළ බවත්, ඒ සදහා රුපියල් කෝටි 750 ක මුදලක් රජය විසින් වැයකර ඇති බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීය. අපේක්ෂිත කාලයට වඩා ඉක්මනින් ගුවන් ධාවන පථය නවීකරණය කිරීමට හැකි වූ බවත්, A 380 වැනි අතිවිශාල ගුවන් යානා පවා ගොඩබැස්සවීමට හැකිවන අයුරින් එහි නවීකරණ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවත් අබේසිංහ මහතා කීය. ඒ අනුව ලබන 06 වැනිදාට යෙදෙන සුබ මොහොතින් නවීකරණය කෙරුණු කටුනායක ගුවන් ධාවන පථය විවෘත කිරීමට නියමිත බවද හෙතෙම පැවසීය. ඒ අනුව මේ වනවිට දිවා කාලයේ අත්හිටුවා ඇති ගුවන් ගමන් සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවත් ලබන 06 වැනිදා සිට කටුනායක ගුවන් තොටුපොල පැය විසිහතර පුරා ක‍්‍රියාත්මක සාමන්‍ය ගුවන් තොටුපොළක් බවට පත්වෙනු ඇති බවත් ඇමැතිවරයා මෙහිදී පැවසීය.

නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් airport_ashok_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article