Wednesday, April 24, 2024

ලොව කිසිදු මව්පියෙකුට මෙවන් විපතක් තවත් නොවේවා ! – දෙලුම් ඇටයෙන් මරුට බිලි වූ සිගිති අනුහස්ගේ කතාවයි මේ.

Must read

anuhas_death_4දෙඵම් ඇටයක් උගුරේ සිරවීමෙන් දොඩම්ගස්ලන්ද, මදුරාගොඩ ප‍්‍රදේශයේ පදිංචි දස මස් වියැති සිගිත්තෙකු පසුගිය 31 වැනිදා ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස මරණයට පත්වූයේ මදුරාගොඩ, කෝන්ගොල්ල පදිංචි ඩබ්ලිව්. එම්. අනුහස් චමොදිත බණ්ඩාර වන්නිනායක නැමති සිගිත්තෙකි.

මියගිය සිගිත්තා පසුගිය දින කිහිපයේදී උණ රෝගයෙන් පසුවීම හේතුවෙන් ඔහුගේ මව විසින් දෙඵම් ඇට කිහිපයක් සිගිත්තාට කැවූ බව පවුලේ ඥාතිහු කියති. එලෙස කවමින් සිටි දෙඵම් ඇටයක් එක්වරම සිගිත්තාගේ උගුරේ සිරවී, හුස්ම ගැනීම අපහසුතාවයෙන් දගලන්නටවීම හේතුවෙන් ඔහුගේ ඥාතීහු විසින් සිගිත්තා රිදීගම දිසා රෝහල වෙත කඩිනමින් ගෙන ගොස් ඇති නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් සිට තිබේ.

මිය ගිය සිගිත්තා පිළිබද හදිසි මරණ පරීක්ෂණය ඉහළ විසිදෙකේ බස්නාහිර කෝරළයේ හදිසි මරණ පරීක්ෂක ඩී. එම්. එස්. කේ. දහනක මහතා විසින් රිදීගම රෝහලේදී පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා මෘතදේහය කුරුණෑගල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවනු ලැබීය. එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්. එම්. ජී. ඉලංගරත්න මහතා විසින් උගුරෙහි දෙඵම් ඇටයක් සිරවීමෙන් ස්වාසනාලයේ හටගත් ස්වසන අවහිරතා හේතුවෙන් සිගිත්තාගේ මරණය සිදු වී ඇති බවට තීන්දු කළේය.

මියගිය සිගිත්තාගේ පියා පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටින ඔවුහු ගල්ගමුව, පොරොත්තුකඩවල ප‍්‍රදේශයේ පදිංචි වී සිටිති. කොළඹ පැවැති පොලිස් ආචාර පෙළපාලියකට සහභාගිවන්නට තිබීම හේතුවෙන් මදුරාගොඩ, කෝන්ගොල්ල පිහිටි තම බිරිදගේ මහ ගෙදර වෙත සිගිති දරුවා සහ බිරිද ගෙනැවිත් ඇරැල වූ සිගිත්තාගේ පියා ඔහුට පැවැරුණු රාජකාරිය වෙත පිටත් වී ගොස් ඇත්තේද පසුගිය 31 වැනිදා උදෑසනය. අනුහස් චමෝදිත බණ්ඩාර සිගිත්තාගේ දේහය ඊයේ (02 දා ) පස්වරුවේ මදුරාගොඩ පොදු සුසාන භූමියේ මිහිදන් කෙරුණු අතර සිද්ධිය පිළිබදව ගොකරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.anuhas_death_1 anuhas_death_2 anuhas_death_3 anuhas_death_5


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article