Friday, March 29, 2024

ජොන්ස්ටන් අද හෙටම නිකවැරටියෙන් ඉවතට !

Must read

kurunegala_slfpකුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ තනතුරු සංශෝධනයක් ඉදිරි දින කිහිපය තුළදී සිදුවීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

එම සංශෝධනයට අනුව කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ කිහිපයක් සදහා නව ආසන සංවිධායකවරුන් පත්කිරීමට බවත්, වත්මන් ආසන සංවිධායකවරයෙකු එම තනතුරින් ඉවත්කෙරෙනු ඇති බවත් ශ‍්‍රීලනිප ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. දැනට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිකවැරටිය ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා එම තනතුරින් ඉවත් කර ඒ වෙනුවට පඩුවස්නුවර ආසන සංවිධායකවරයා ලෙස දැනට කටයුතු කරමින් සිටින නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පත්කිරීමට නියමිත බව වාර්තාවෙයි. පඩුවස්නුවර ආසනයේ නව ශ‍්‍රීලනිප සංවිධායකවරයා ලෙස බිංගිරිය ශ‍්‍රීලනිප සංවිධායකවරයා ලෙස දැනට කටයුතු කරමින් සිටින ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පත්කෙරෙනු ඇති බවත්, බිංගිරිය ශ‍්‍රීලනිප නව සංවිධායකවරයා ලෙස වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා පත්කෙරෙනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article